“කටුවාපිටියේදී මට ඇඬුණා” පාස්කු ප්‍රහාර ගීය ගැන නන්දා මාලිනිය කියන කතාව!

පාස්කු ඉරිදා සිදු කළ ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරයට දෙවසරක් සපිරීම වෙනුවෙන් කොළඹ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරු භූමියේ පැවැත් වූ සැමරුම් වැඩසටහනේදී ආගමික නායකයන් රාශියක් මැද ඒ පිළිබඳව ගීතයක් ගායනා කිරීමට හැකි වීම තමා ජීවිතයේ ලැබූ අති සුවිශේෂී දිනය වශයෙන් සලකන බව විශාරද නන්දා මාලනී මහත්මිය දිවයිනට ඊයේ (22දා) කීවාය.
 
 මෙම ගීතය මුලින්ම කටුවාපිටියේදී ගායන කිරීමේදී තමාට කඳුළු හෙළන්නට සිදු වූ බව කී නන්දාමාලනී මහත්මිය පාස්කු ඉරිදා සිදු කළ ප‍්‍රහාරවලින් මියගිය අහිංසකයන් වෙනුවෙන් මෙම ගීතය ගායනා කිරීමට තමා සුදුසුකම් ලැබීම පුණ්‍ය ක‍්‍රියාවක් ලෙස සලකන බව ද සඳහන් කළාය.
 
 ඉකුත් 21 වැනිදා පාප්වහන්සේගේ නියෝජිත, එමෙන්ම කාදිනල්තුමා, රදගුරුතුමන්ලා අපේ බෞද්ධ සංඝයා වහන්සේලා ඉස්ලාම් සහ හින්දු ආගමික නායකයන් ප‍්‍රජා ප‍්‍රසාදවරුන් සිටින වේදකාවට ගොඩවීමට හැකිවීම තුළින් ගැහැනියක් වශයෙන් මට මහා පුදුමයක් දැනුණි.
 
 මෙම ගීතය ලියූ මහාචාර්ය සුනිල් ආරියරත්න, සංගීතය සැපයූ රෝහණ වීරසිංහ යන මහත්වරුන්ට පවා උන්වහන්සේ සුවිශේෂ තැනක් පිළියෙල කර තිබුණි.
 
 පාස්කු ඉරිදා සිදු කළ බෝම්බ ප‍්‍රහාරවලට සම්බන්ධ සැකකරුවන් හෙළිකර තවමත් යුක්තිය ඉටු වී නැහැ. කලාකාරිනියක් වශයෙන් මා එය පිළිගන්නවා. මොනවා වුණත් ගීතයකින් හෝ මේ ගැන පණිවුඩයක් ලබාදීමට හැකිවීම තුළින් ඒ පිළිබඳව සත්‍යය, යුක්තිය ඉල්ලා නඟන හඬට අපත් එක්වෙනවා.

 1,039 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply