ඉන්දියාවේ රෝහල් කෝවිඩ් රෝගීන්ගෙන් පිරී යයි – සෞඛ්‍යය අංශ දැඩි අර්බුදයක!

ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත වලට අනුව බදාදා දිනයේදී රට තුළ වාර්තාගත නව කොරොන වයිරස් රෝගීන් 184,372 ක් වාර්තා වී තිබේ.
පළමු ආසාදන රැල්ලට සාර්ථකව මුහුණ දීම සඳහා පසුගිය වසරේ අමතර ඇඳන් සහ පහසුකම් එකතු කළද, පසුගිය මාසය තුළ සංඛ්‍යාත්මකව දස ගුණයකට වඩා වැඩි වීමකින් ඉන්දියාවේ සෞඛ්‍ය අංශ දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.

රට පුරා රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී යන අතර ගිලන්රථවලින් ගෙනෙන රෝගීන් අය රෝහල්වල පිටත දිගු පෝලිම් වල රැඳී සිටිති.බොහෝ රෝගීන් රෝහල් ඇඳන් වලට රන්ඩු වෙන බවද අසන්නට ලැබේ.

ගුජරාටයේ, සමහර පවුල්වලට තම ආදරණීයයන් වෙනුවෙන් අවසන් කටයුතු සිදු කිරීම සඳහා දැඩි රස්නයක් තිබෙන මේ දිනවල සෙල්සියස් අංශක 40 ට ආසන්න උෂ්ණත්වයකදී පැය අටක් හෝ ඊට වැඩි කාලයක් බලා සිටීමට සිදු වී ඇත. ඒ අවසන් කටයුතු කිරීමටත් විශාල පෝලින් දක්නට ලැබීම හේතුවෙනි.

නවදිල්ලියේ මේ දිනවල වැඩියෙන්ම ඇසෙන ශබ්දය වී ඇත්තේ ගිලන්රථවල සයිරන් නාදයයි.

ඉන්දියාව පෙර නොවූ විරූ ලෙස කොරෝනා වෛරස් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර විසේසඤයන් අනතුරු අඟවා ඇත්තේ සෞඛ්‍ය සේවා පද්ධතිය බිඳවැටීමේ අද්දරටම පැමිණ ඇති බවයි.

 377 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply