දේශීය ආර්ථිකයක් හදන්නට වර්තමාන රජය යන ගමනේ Made in Sri lanka සංකල්පයට ප්‍රමුඛ ස්ථානයක් ලැබෙමින් පවතින අතර දේශීය ව්‍යවසායකයින් මහා පරිමාන ව්‍යාපාරිකයින් බවට පත් කිරීම සඳහා අවශ්‍ය මුලික අඩිතාලම සැකසෙමින් පවතිනවා.

කෙසේ වෙතත් අප මේ හෙළිකරන්නට යන්නේ 100%ක්ම දේශීයව නිෂ්පාදනය කරන සම්පුර්ණයෙන්ම දේශීය ආයෝජනයන් මත ක්‍රියාත්මක වන අපේ රටේ සම්පත් වලට අගය එකතුකිරීම හරහා දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළද ජය ගන්නට හැකි නිෂ්පාදනයක් පිළිබඳවයි.

තිරුවානා ගල් භාවිතා කරමින් නිෂ්පාදනය කරන “ක්‍රිස්ටල් ස්ටෝන්” නිෂ්පාදන විවිධ අවශ්‍යතා අනුව පුළුල් පරාසයක නිෂ්පාදන රැසක් ලෙස දේශීයව නිපදවන අතර දේශීය අවශ්‍යතා සපුරාලන අතරම විදේශයන්ට ප්‍රමිතියෙන් ඉහල නිෂ්පාදන අපනයනය කිරීම මගින් විශාල විදේශ විනිමයක්ද රටට ගෙනෙන්නට “ක්‍රිස්ටල් ස්ටෝන්” සමාගම සුදානමින් සිටිනවා.

මෙම ව්‍යාපාරයට ඇති ප්‍රධානතම භාදකය වනුයේ චීනය හා ඉන්දියාව වැනි රටවලින් අඩු මිලට ප්‍රමිතියෙන් අඩු මෙවැනි නිෂ්පාදන ආනයනය කිරීමයි. තාවකාලිකව වර්තමාන රජය පනවා ඇති ආනයන තහනම නිසාවෙන් යම් පිටිවහලක් මෙම කර්මාන්තයට ලැබුනත් ඉදිරියේදී එම තහනම ලිහිල් කරන්නට කටයුතු යෙදුනහොත් මෙම කර්මාන්තය පමණක් නොව බොහෝ දේශීය කර්මාන්තකරුවන් අපහසුතාවයට පත්වනු ඇත.

විදේශවලින් ගෙන්වන මේ හා සමාන නිෂ්පාදනවල ගුණාත්මක බව හා කල්පැවැත්ම මෙන්ම ප්‍රමිතියද අවම මට්ටමක පවතින නමුත් දේශීය තිරුවානා වල ඇති ගුණාත්මක බව නිසාවෙන් “ක්‍රිස්ටල් ස්ටෝන්”නිෂ්පාදන ඉතා ඉහල ගුණාත්මක බවකින් යුක්ත බවයි පැවසෙන්නේ.

වැඩිදුරටත් මේ පිළිබඳව අප සොයා බැලීමේදී තහවුරු වුයේ රටෙන් පිටට ඇදී යන විදේශ විනිමය නැවත්වීම මෙන්ම රැකියා විරහිත තරුණ ප්‍රජාවට මෙම කර්මාන්ත දියුණු කිරීම හරහා විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් බිහි කල හැකිය තවද විදේශ නිෂ්පාදන ආනයනය සීමා කිරීම හරහා දේශීය ආයෝජකයින්ටද ඉතා ලාභදායක ලෙස මෙවැනි කර්මාන්ත ආරම්භ කරන්නටද අවකාශයක් නිර්මාණය වන නිසා අගය එකතු කිරීමකින් තොරව පිට රටවලට කුනුකොල්ලෙට විකිනෙන අපේ රටේ සම්පත් වලටද නිසි වටිනාකමක් ලැබෙනු ඇත.

රජය විදේශ නිෂ්පාදන වලට සීමා පනවා මෙවැනි දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වනවා සේම ප්‍රමිතියෙන් හා ගුණාත්මක භාවයෙන් මෙන්ම කල් පවත්මෙන්ද අඩු විදෙස් නිෂ්පාදන මිලට ගැනීම වෙනුවට මෙවැනි උසස් දේශීය නිෂ්පාදන මිලදී ගැනීම මගින් දේශීය ව්‍යාපාර ගොඩ ගැනීමට අපේ රටේ ජනතාවද කැපවිය යුතුමය.

මේ පිළිබඳව නිර්මාණය වූ වාර්තාමය වැඩසටහනක් පහතින්…