නිල්වලා ගඟෙන් හිසක් හා වම් පාදයක කොටසක් සොයාගනී

නිල්වලා ගඟේ මාතර තොටමුණ මෝයකට ආසන්නයේ පාවෙමින් තිබු මිනිස් හිසක් හා වම් පාදයක කොටසක් අද (16) සොයා ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

එසේ මිය ගොස් ඇත්තේ කවුරුන් ද යන්න මේ දක්වා හදුනා ගෙන නොමැත.

දින කිහිපයක් ජලයේ තිබී නරක්ව ඇති එම සිරුරේ කඳ කොටස මේ වන තෙක්ම හමු නොවීය.

හිස කොටස හමු වූ ස්ථානයට මීටර් 150ක් පමණ ඈතින් තිබී වම් පාදය  හමුවී තිබේ.

එම සිරුර සතුන් විසින් කා දමා ඇත්ද, එසේත් නොමැති නම් මනුෂ්‍ය ඝාතනයක් ද, යන්න පිළිබඳව මේ වන තෙක් තහවුරු වී නොමැති බව උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.

 928 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply