අධිවේගයේ මදාවිකම් පෑ හතර දෙනා 22 දක්වා රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථයක මගීන් සිව්දෙනා අප්‍රේල් 22 වනදා දක්වා රිමාන්ඩ් කර තිබේ

මොවුන් අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් පානදුර මහේස්ත්‍රාත්වරයා හමුවේ ඉදිරිපත් කරන ලදී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහණ මහතා පැවසුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් මෝටර් රථයේ සිටි මගීන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බවයි.

මෝටර් රථයේ රියදුරු ද ඊයේ පනදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 22 වනදා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.

 602 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply