උත්සව සමය හේතුවෙන් අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5000ක දීමනාවක්!

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභින් සහ අඩු ආදායම්ලාභි පවුල් සඳහා සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණයකර තිබේ.

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර  මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සිදුකළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ආර්ථික පුනර්ජීවන කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් එම දීමනාව ලබාදීමට කටයුතු කෙරෙනු ඇති බවය.

ඒ අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් හඳුනාගත් පවුල් වෙනුවෙන් මෙම දීමනාව ලබාදීමේ වැඩපිළිවෙල ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට නැංවීමට නියමිතය.

 764 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply