පාස්කු ප‍්‍රහාරයට මෛත‍්‍රී ඇතුළු 6කට නඩු 500ක්!

පාස්කු ඉරුදින එල්ල කළ මරාගෙන මැරෙන ප‍්‍රහාරය පිළිබඳව රජයේ බුද්ධි අංශය විසින් රටේ පාලකයන් ඇතුළු වගකිවයුත්තන් කලින් දැනුවත් කර තිබියදී එම ප‍්‍රහාරය වළක්වා නොගෙන රාජකාරි පැහැර හැර පුද්ගලයන් 150 දෙනකුට ආසන්න පිරිසක් බිලිවීමට සැලැස්වීමත් හා 300 කට අධික පිරිසක් තුවාල ලැබීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුත්තන් හය දෙනෙකුට එරෙහිව මීගමුව දිසා අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
 
 පවරා ඇති නඩු සංඛ්‍යාව 500 කට ආසන්න වන අතර ඉල්ලා ඇති මුළු වන්දි මුදල රුපියල් කෝටි ගණනාවකි. මෙහි වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු අරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානී නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයා නම් කර ඇත.  මෙම අන්තවාදී මුස්ලිම් ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් මුළු දිවයිනේම වැඩි පිරිසක් මරුමුවට පත්වූයේ සහ තුවාල ලැබුවේ කටුවාපිටිය ගම්මානයේ ය.
 
 2019 අපේ‍්‍රල් මස 21 දාට යෙදුණ ඉරිදා මුස්ලිම් ත‍්‍රස්තවාදීන් විසින් කිතුණු දේවස්ථානවලට කිතුණු ජනතාවට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු මගින් රජයේ ප‍්‍රධානීන් දැනුවත් කර තිබියදී එය වැළැක්වීමට කටයුතු නොකර රට වැසියන් ත‍්‍රස්තවාදීන්ගේ බිලි බවට පත් කිරීමට ඉඩහැරීම සම්බන්ධයෙන් වන්දි ඉල්ලමින් වගඋත්තරකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි. මෙම අපේ‍්‍රල් මස 21 දිනට ප‍්‍රථම තවත් වන්දි නඩු ගණනාවක් පැවරීමට නියමිතය.
 
 මෙම නඩු සැකැසීමට කිතුණු, බෞද්ධ නීතිඥවරු රැසක් ස්වෙච්ඡුාවෙන් කැපවීමෙන් ක‍්‍රියා කළහ. මුලදී පැවරූ වන්දි නඩුවල වගඋත්තරකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට සිතාසි මේ වන විට නිකුත් කර ඇති බවද අධිකරණ ආරංචිමාර්ග සඳහන් කරයි.
 

 729 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply