මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කරමින් අවි ආයුධ රැස් කිරීම සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්තව සිටි නිලධාරීන් කණ්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එම නිලධාරීන් මේ වන විට රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

එම සැකකරුවන්ගෙන් අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව, මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු වන වේරගොල්ල පාර, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක මන්නාරම විශේෂ කාර්යය බලකා කඳවුරට අනුයුක්තව ස්ථානාධිපති බුද්ධි සහ විශේෂ මෙහෙයුම් ලෙස රාජකාරී කරනු ලබන උප පොලිස් පරික්ෂකවරයෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රශ්න කර, ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඊයේ (18) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ. 

ආදාළ සැකකරු 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධි විධාන) පනතේ 06 (1) ප්‍රකාරව ලබාගත් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කරගෙන යන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here