සෞඛ්‍ය සේවාවේ වත්මන් ගැටලු තවදුරටත් පැවතුණ හොත් අපට ඇති ජනතා විශ්වාසය හා ගෞරවය අඩු වෙනවා – ජනපති

ශ්‍රී ලංකාවට නිදහස් සෞඛ්‍ය සේවාවක් තිබුණද, සෞඛ්‍ය සේවා බෙදා හැරීමේ ව්‍යුහාත්මක ගැටලු අප ජයගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

වර්තමාන ගැටලු තවදුරටත් පැවතුණහොත්, ජනතාව පුළුල් වෛද්‍ය ප්‍රජාව කෙරෙහි දක්වන විශ්වාසය හා ගෞරවය අඩු වන බවත් මේ සන්දර්භය තුළ, රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය පිරිහීමට පත්වන බවත් මහනුවර වෛද්‍ය සංගමයේ 43 වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක දින ප්‍රධාන ආරාධිතයා ලෙස පෙරේදා (07) සහභාගි වෙමින් ජනාධිපතිවරයා එසේ කියා සිටියේය.

එබැවින් දීර්ඝ කාලීනව පවතින ගැටලුවලට විසඳුම් සෙවීමට වෛද්‍යවරුන් සහ සෙසු සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගෙන් සමන්විත පුළුල් වෛද්‍ය ප්‍රජාව රජය සමඟ එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව රාජපක්ෂ මහතා කීය.

 332 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply