නතර කොට, නීතිමය වශයෙන් ඖෂධ ක්‍ෂේත‍්‍රයේ සිදු විය යුතු නිවැරදිකම් සහ වෙනස්කම් වෙනුවෙන් පෙනී සිටිමින්, රටට අවශ්‍ය ඖෂධවලින් සියයට 50 ක් මෙරටදීම නිෂ්පාදනය කරමින්, තත්ත්වයෙන් උසස් ඖෂධ ජනතාවට ලබාදීමට කටයුතු කරනවා යැයි ඖෂධ නිෂ්පාදන සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

 රාජ්‍ය ඇමැතිවරයා මේ බැව් පැවසුවේ ඉකුත් 14 දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටි රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුවය.

 සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය සහ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී ඉතාම විද්‍යානුකූල පදනමකින් සිදුකර තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය ජයග‍්‍රහණය කිරීමෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසි මට සෘජුවම මගේ විෂය පථයට අදාළ අමාත්‍යාංශය ලබාදී තිබෙනවා. ශ‍්‍රී ලංකාව තුළ ඖෂධ නිෂ්පාදනය, බෙදාහැරීම හා නියාමනය පිළිබඳ වගකීම පළමුවැනි වතාවට වෙනමම රාජ්‍ය අමාත්‍යාංශයක් හැටියට එතුමා හඳුන්වා දී තිබෙනවා. සුදුස්සාට සුදුසු තැන ලබාදීමට, අධ්‍යාපන සුදුසුකම්වලට සුදුසු තැන ලබාදීමට කටයුතු කිරීම පිළිබඳ එතුමාට ස්තූතිවන්ත වෙනවා.’’

 ‘‘ඉදිරි වසර කිහිපයක කාලයේ දී මා ඉදිරියේ ලොකු වගකීමක් තිබෙනවා. මේ රට තුළ පසුගිය වසර 04 ක 05 කාලයේ ඖෂධ මාෆියාවක් ක‍්‍රියාත්මක වුණා. ඖෂධවල මිල අඩු කරන බව පවසමින් ජනතාව රැුවට්ටුවා. තත්ත්වයෙන් උසස් ප‍්‍රමිතියෙන් යුතු ඖෂධ සියල්ල රටින් ඉවත් කරලා බාල ඖෂධ මෙරටට හඳුන්වාදීමේ කුමන්ත‍්‍රණයක් දියත් වුණා. ජනතාව පීඩාවට පත්වුණා. මෙය වහාම නිවැරදි කරන්න අප බලාපොරොත්තු වෙනවා. ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධවලින් සියයට 50 ක් පළමු අවුරුදු 03 ක කාලසීමාවේ දී සම්පූර්ණයෙන්ම රට තුළ නිෂ්පාදනය කිරීමේ සැලසුමක් අපට තිබෙනවා. ප‍්‍රතිකාර සඳහා යොදා ගනු ලබන සේලයින් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන ඇතුළු ද්‍රව්‍ය සියල්ලක්ම රට තුළ නිෂ්පාදනය කිරීම සඳහා සාකච්ඡුා ආරම්භ කර තිබෙනවා. නුදුරේදීම ඒ සඳහා නවීන නිෂ්පාදනාගාරයක් රට තුළ ස්ථාපිත කිරීමට අප බලාපොරොත්තු වෙනවා. සේනක බිබිලේ මහතා මේ රටට දුන් ආදර්ශයක් තිබෙනවා. ඖෂධ ප‍්‍රතිපත්ති පිළිබඳව සහ නියාමනය පිළිබඳව. එම අඩිපාරේ යමින් නවීන ලෝකයට, අලූත් ලෝකයට ගැළපෙන ආකාරයට ඉදිරියට ගෙන ගොස් මේ රටේ ජනතාවට අවශ්‍ය බටහිර ඖෂධ අඩුපාඩුවකින් තොරව, ප‍්‍රමිතියෙන් යුතුව සාධාරණ මිලකට ලබාදීම සඳහා මම ඉදිරියේ දී කැප වෙනවා. ඖෂධවල මිල අඩු කරනවා මෙන් සිදුකළ මහා ජාවාරම හා ජනතාව රැුවටීමට

 ලක් කිරීම, ප‍්‍රමිතියෙන් යුතු ඖෂධ රටින් ඉවත් කිරීම, ටෙන්ඩර් පිරිනැමීමේදී අවසන් අවස්ථාව තෙක් සිට වැඩි මිලකට ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමැති පියවරු මෙන්ම පුත්තු ද මැදිහත් වෙලා කටයුතු යොදපු කාලයක් තිබුණා. අද ඒ කාලය නිමා වෙලා තිබෙනවා. මේ රටට ජනතාවට උපරිම සාධාරණය සිදු කරන්න කියලා ජනාධිපතිතුමා මට උපදෙස් ලබා දුන්නා.’’

 ‘‘ඖෂධ පිළිබඳව නීතියේ සිදුරු ගණනාවක් තිබෙනවා. මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යතුමිය සමගත් අපි සාකච්ඡුා කළා. ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් අරගෙන නීතිමය වශයෙන් ඖෂධ ක්‍ෂේත‍්‍රයේ සිදු විය යුතු නිවැරදි කම් හා රටට හිතකර වෙනස්කම් කිරීම සඳහා අප පෙනී සිටිනවා. ඒ වෙනුවෙන් අප‍්‍රමාදව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය අවුරුදු 05 ක කාලයේ රටට අයිතිකාරයෙක් හිටියේ නැහැ. රාජ්‍යයට අයිතිකාරයෙක් හිටියේ නැහැ. ආණ්ඩුවට අයිතිකාරයෙක් හිටියේ නැහැ. සෞඛ්‍යයට හරියට අයිතිකාරයෙක් හිටියේ නැහැ, ඖෂධවලට හරියට අයිතිකාරයෙක් හිටියේ නැහැ. ඒවා හරියට නියාමනය වුණේ නැහැ. එම නිසා මෙම අඩුපාඩු සිද්ධ වුණා. දැන් රටට භාරකාරයෙක් ඉන්නවා. නායකයෙක් ඉන්නවා. හොඳ අගමැතිවරයෙක් ඉන්නවා. හොඳ කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. එම නායකත්වය යටතේ තිබෙන අඩුපාඩු නිවැරදි කිරීමට බලාපොරොත්තු වෙනවා.’’

 ‘‘වියළි කලාපීය කෘෂිකාර්මික වකුගඩු රෝගය පිළිබඳව අපි 15 වසරක පමණ කාලයක් පෙනී සිටියා. කෘෂි රසායන මාෆියාව සම`ග අප සෘජුව ගැටුම් ඇතිකර ගත්තා. එයට මුහුණ දුන්නා. එයින් ජයග‍්‍රහණ ජනතාවට අරන් දුන්නා. රටට අහිතකර ඉතාම විෂ සහිත කෘෂි රසායන ද්‍රව්‍ය 05 ක් තහනම් කරන්න. රටේ භාවිතාවන කෘෂි රසායන ප‍්‍රමාණය සියයට 70 කින් අඩු කිරීමට අපට පුළුවන්කම ලැබුණා. ඒ සටන ජයගෙන තිබෙනවා. වකුගඩු රෝගීන් සඳහා අවශ්‍ය ප‍්‍රතිකාර, ඖෂධ ප‍්‍රමිතියෙන් යුතුව ගෙන ඒමට පසුගිය කාලයේ අසමත් වෙලා තිබෙනවා. එය වහාම නිවැරදි කිරීමට අප බලපොරොත්තු වෙනවා. අප විසින් පසුගිය කාලයේ සිදුකළ පර්යේෂණවල ප‍්‍රතිඵල අනුව වකුගඩු

 රෝගයට හේතුවන හේතු කාරණා නිශ්චිතව අනාවරණය කරගෙන තිබෙනවා. ඉදිරි වසර 4 – 5 කාලය තුළදී ජනාධිපතිතුමාගේ පළමුවැනි රාජ්‍ය පාලන සමය ඉවර වනවිට වියළි කලාපීය කෘෂිකාර්මික වකුගඩු රෝගය මුලිනුපුටා දමන්න, ශ‍්‍රී ලංකා භූමියෙන් තුරන් කිරීමට හැකි බවට බලවත් විශ්වාසයක් අප තුළ තිබෙනවා.’’

 මෙම අවස්ථාවට මහා සංඝරත්නය, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂවරු, නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විශාල පිරිසක්ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here