ජනපති පාම් ඔයිල් තහනම් කළේ සෞඛ්‍යයට තර්ජනයක් වන නිසයි

පාම් ඔයිල් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළේ ආනයනික පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යයට හානිකර වීම හේතුවෙන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

දළ පාම් ඔයිල් භාවිතයෙන් සැකසූ ආහාර වර්ග පරිභෝජනය ප්‍රධාන පෙළේ රෝග කාරකයක් බව වෛද්‍ය හා ආහාර විශේෂඥයන් විසින් විටින් විට පෙන්වා දී තිබෙන අතර, එසේ වුවද සම්මත ප්‍රමිතියෙන් යුත් පාම් ඔයිල් ප්‍රභේද, බිස්කට්, රසකැවිලි සහ ඇතැම් පාන් වර්ග නිෂ්පාදනය සඳහා භාවිත කෙරෙන බවද එම මාධ්‍ය අංශය කියයි. 1511.90.10 සුසංගත කේතාංකය (Harmonized System code) සහිත ප්‍රභේදය එවැන්නක් වන අතර, එය ව්‍යවහාරයේදී පාම් ස්ටියරින් යනුවෙන් (Palm Stearin) හඳුන්වනු ලැබේ. අදාළ අතුරු ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කරනු පිණිස මේ ප්‍රභේදය ආනයනයට කිසිදු බාධාවක් නොමැත.

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු කලින් බරපතළ විවේචනයට ලක්ව තිබූ එතනෝල් ආනයනය මුළුමනින් නතර කරනු ලැබූ අතර සායනික අවශ්‍යතා සඳහා එතනෝල් ආනයනයට ඉඩ දී තිබේ.

පාම් ස්ටියරින් ගෙන්වීමට ඇති අවසරයද එබඳු වන අතර, කටුපොල් වගාව, ජල මූලාශ්‍ර සිදී යෑම සහ පස නිසරු වීම වැනි දිගුකාලීන අහිත කර පාරිසරික ප්‍රතිවිපාක ඇති කරන බවට කලෙක සිට පර්යේෂණවලින් තහවුරු කර තිබිණි.

එබැවින් වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව මීට මාස 6කට පමණ පෙර කටුපොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් දුන් අතර, දැනට තිබෙන කටුපොල් වගාව වරකට සියයට 10 බැගින් අදියරෙන් අදියර ගලවා ඉවත්කොට එකී ඉඩම්වල රබර් හෝ පරිසර හිතකාමි වෙනත් වගා කිරීමට සැලසුම් කර තිබේ.

 229 total views,  25 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply