ලන්ඩනයේ මියන්මාර් තානාපති මෝටර් රථයක් තුළ රාත්‍රිය ගත කරයි!

මියන්මාර් හමුදා පාලනය විවේචනය කළ එක්සත් රාජධානියේ සිටින මියන්මාර් තානාපතිවරයා ඊයේ (07) රාත්‍රිය සිය මෝටර් රථය තුළ ගතකර ඇති බව වාර්තා වේ.

ඒ, ඔහු ට ලන්ඩන් නුවර පිහිටි තානාපති කාර්යාල ගොඩනැගිල්ලට පැමිණීම වළක්වා තිබීම හේතුවෙනි.

ක්වව් ස්වෝර් මින් පැවසුවේ, තානාපති කාර්යාලයේ සේවය කළ අනෙක් පිරිසට ද මියන්මාර් තානාපති කාර්යාලයේ “ආරක්ෂක උපදේශකවරයා” විසින් ගොඩනැගිල්ලෙන් ඉවතට යන ලෙස දන්වා ඇති බවය.

එසේම තානාපතිවරයාට දන්වා ඇත්තේ ඔහු මෙතැන් සිට එරට නියෝජිතයා නොවන බවය.

මියන්මාර් හමුදා නායකයන් විසින් 2021 පෙබරවාරි 01 වනදා අවුන් සාන් සුකී ව බලයෙන් නෙරපා එරට පාලන බලය අල්ලා ගත්තේය.

මේ වනවිට කුඩා දරුවන්ද ඇතුළුව 500කට අධික පිරිසක් හමුදාව විසින් ඝාතනය කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

“ක්වව් ස්වෝර් මින්” ද හිටපු හමුදා නිලධාරියෙකි. අවුන් සාන් සුකී නිදහස් කළ යුතු බව ඔහු පසුගියදා පැවසීය.

මේ වනවිට මියන්මාරය දෙකට බෙදී ඇති බවත් ඒ හේතුවෙන් රට තුළ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානම ඇති බවත් ඔහු පවසයි.

 355 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply