ඔබේ කන් සම්බාහනය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන 6ක්

සෑම කෙනෙකුම පාහේ අත්විඳින දේවල් කිහිපයක් නේ මේ ආතතිය, කාංසාව, හිසරදය හෝ නිදිබර ගතිය වගේ දේවල්. ඔබේ කන් සම්බාහනය කිරීමෙන් ඔබට මෙය අවම කර ගැනීමට හැකියාවක් ඇත. ඔබේ මනස ගැටළු සහ ශාරීරික අපහසුතාවන්ගෙන් නිදහස් කළ හැකි සැබවින්ම සන්සුන් ස්නායු සංවේදීතාවයක් තමා මේ. ඕනෑම තැනක, ඕනෑම වේලාවක, ඉක්මනින් හා පහසුවෙන් කළ හැකි වීම මෙහි තිබෙන වාසිය.

අද අපි ඔබට අරගෙන ආවේ ඔබේ කන් සම්බාහනය කිරීමෙන් ලැබෙන වාසි කිහිපයක් පිළිබද. මේ දේවල් ඔබටත් බොහෝ ප්‍රයෝජනවත් වේවි. 

01. ඔබේ මාංශ පේශිවල වේදනාව අඩු වේ.

පරීක්ෂණයකින් හෙළි වී තිබෙන්නේ කණ සම්බාහනය මගින් නිදන්ගත පහල පිටුපස වේදනාව ඇති පුද්ගලයින් අතර වේදනාව අඩු කර ගත හැකි වගේම අසහනය අඩු කිරීමටත් හැකි බවයි.

එන්ඩොර්ෆින් මුදා හැරීමට එය ඔබේ මොළයට සහාය වෙනවා ඔබේ කන්වල විවිධ ප්‍රදේශ මෘදු ලෙස අතුල්ලමින් ස්නායු අවසානයන් උත්තේජනය කිරීමෙන් තමා මෙය සිදු වෙන්නේ. වේදනාව සමනය කිරීමට හා අපට හොඳ හැඟීමක් ඇති කිරීමට මෙය ඔබට බොහෝ සහාය වේවි.  මිනිසුන්ට ඔවුන්ගේ ශාරීරික වේදනාව වඩා හොඳින් කළමනාකරණය කර ගැනීමට හැකි බව සමහර අධ්‍යයනවලින් පෙනී ගියේය. 

02. ඔබේ ආතතිය හා කාංසාව මට්ටම අඩු වේ.

ආතති සහගත තත්වයන් තුළ කන් සම්බාහනය කිරීම හොඳ දෙයක් බව තවත් අධ්‍යනයක දී හෙළි වුනේය.ඔබේ කනේ මන්දගාමී රවුම් චලිතයකින් සම්බාහනය කිරීම ඔබට කල හැකී ඔබට ආතතියක්, භීතියක්, නොසන්සුන්තාවක්, තෙහෙට්ටුවක් හෝ කෝපයක් දැනෙන විටකදී. 

ඔබේ කණේ ඉහළ කවචයේ, ත්‍රිකෝණාකාර හැඩැති කුහරයක් සේ හැඟෙන කොටසෙහි තමා සම්බාහනය කළ යුතු ලක්ෂ්‍යය පිහිටා තිබෙන්නේ. 

03. ඔබේ හිසරදය සහ ඉරුවාරදය සැලකිය යුතු ලෙස සමනය කළ හැකිය.

කන් උත්තේජනය ඔබට අහිතකර වෙන් නෑ වේදනා නාශක ඔබේ ශරීරයට සහ ඔබේ සෞඛ්‍යයට බරපතල හා විනාශකාරී බලපෑම් ඇති කරනවා. ඉතින් මෙය ඔබට බොහෝ හොදයි. 

පෙපර්මින්ට් තේ වැනි ස්වාභාවික පිළියම් සමඟ ඒකාබද්ධ කර මෙය ලබා ගැනීමෙන් ඔබට හොද ප්‍රතිඵල ලබා ගත හැකී. 

04. ඔබට වේගයෙන් බර අඩු කර ගැනීමට හැකි වනු ඇත.

ඔබට දිනපතාම ඔබේ කන් සම්බාහනය කිරීම කල හැකී නිතිපතා ව්‍යායාම කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පවත්වා ගැනීම ත් සමගම. 

 ඔබේ බර පවත්වා ගැනීමට සහ නිරෝගීව සිටීමට ඔබ එය දිගටම කරගෙන යෑමට ඔබ අමතක කරන්න එපා ඔබේ ඉලක්කයට ඔබ ලගා වූවත්. 

05. නින්ද නොයාමට එරෙහිව සටන් කිරීමට එය උපකාරී වේ.

නින්දට පෙර මෙය සිදු කිරීම තමා වඩාත් හොද මීට හේතුව තමා කණ උත්තේජනය ලිහිල් කිරීමේ බලපෑමක් ඇති වීම.ඔබට මෙය වැදගත් වෙනවා හොඳ නින්දක් සඳහා අවශ්‍ය වන ලිහිල් කිරීම ලබා ගැනීමට.  මෙම ක්‍රියා පටිපාටිය පමණක් ඔබට උදව් කරන් නෑ ඔබේ නින්ද නොයෑම වළක්වා ගැනීමට නමුත් මෙය ඔබට පොඩි හෝ සහනයක් වේවි. 

ඔබ මතක තබා ගත යුතුයි ඔබ මෙය කල යුත්තේ ඔබ දැනටමත් භාවිතා කරන වෙනත් ප්‍රතිකාර වලට අමතරවයි. 

06. එය ඔබට ශක්තියක් ලබා දෙයි.

ඔබේ කන් ටිකක් තදින් සම්බාහනයට උත්සාහ කළ හැකි ඔබට ඔබ අවදි වී උදේ කෝපි භාවිතා කිරීම වෙනුවට. ඇතැම් මොළ මධ්‍යස්ථාන සක්‍රීය කර තෙහෙට්ටුව මැකී යනවා ඔබේ කන් වල ස්නායු අවසානය උත්තේජනය කල විට. 

 දිවා කාලයේදීද ඔබට මෙය කල හැකී ඔබේ වෙහෙස පාලනය කර ගත නොහැකි බවත් ඔබේ ශක්ති මට්ටම අඩු බවත් ඔබට හැඟෙන විටකදී. 

 302 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply