අක්කර 10ක ඉදිවෙන රූමස්සල හෝටල් ව්‍යාපෘතියට එරෙහිව උසාවි යයි

රූමස්සල අභයභූමිය ආසන්නයේ අක්කර 10ක වපසරියක් තුළ ඉදිකරමින් පවතින දැවැන්ත හෝටල් ව්‍යාපෘතිය නිසා සිදුවන පරිසර හානි වළකාලන ලෙසට පරිසර බලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ මහතා අභියාචනාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනු කළේය.
 
ගාල්ල උණවටුන, රූමස්සල අභයභූමිය ආසන්නයේ පිහිටි යක්දෙහිමුල්ල ප‍්‍රදේශයේදී මෑතකදී ආරම්භකළ උණවටුන බීච් හොටෙල් ඇන්ඞ් ස්පා නමැති කාමර 250කින් යුතු එකී දැවැන්ත හෝටල් ව්‍යාපෘතිය ඉඳිකිරීම් සඳහා පාරිසරික රෙගුලාසි නොතකා උස් ගොඩනැඟිලි සෑදීමටද නාගරික සංවර්ධන අධිකාරිය අවසර ලබා දී ඇති බැවින් අපද්‍රව්‍ය මුහුදට බැහැර කිරීම සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙසට නියෝගයක් කරන්නැයිද එමගින් ඉල්ලා තිබේ.
 
ඊට අමතරව මෙම හෝටල් ව්‍යාපෘතියෙන් නිපදවෙන අපද්‍රව්‍ය මහමුහුදට එකතු කිරීමට කටයුතු සම්පාදනය වෙමින් ඇති බවත්, එසේ වුවහොත් දැඩි සමුද්‍රීය පරිසර දූෂණයක් සිදුවිය හැකි බවත් පෙත්සම මගින් අධිකරණයට පෙන්වා දී තිබේ.


Toggle panel: AIOSEO SettingsGeneralSocialSchemaAdvanced

 388 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply