යහපාලන ආණ්ඩුවේ මහාපරිමාණ ඖෂධ මගඩියකට එරෙහිව මධුර විතාන සී.අයි.ඩී යයි

පසුගිය රජය කාලයේ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුවී ඇති මහාපරිමාණ වංචාවක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අධිනීතිඥ මධුර විතානගේ මහතා පෙරේදා (06) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
 
සාමාන්‍ය වෙළෙඳපොළේ රුපියල් 300කට පමණ මිලකට තිබෙන ඖෂධ, එන්නත් රුපියල් 15000ක් 20000ක් වැනි අධික මිලකට රාජ්‍ය රෝහල් සඳහා ඖෂධ නීතිගත සංස්ථාව හරහා මිලදී ගැනීම සම්බන්ධයෙන් ඒ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
 
 ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයුම් අංශය හා ඖෂධ නීතිගත සංස්ථාව එකතු වී පසුගිය රජය කාලයේ සිදු කළ මහා පරිමාණ වංචාවක් සොයා ගැනීමට හැකි වූ බවත් 1982 අංක 12 දරන රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ පනත යටතේ මෙම පැමිණිල්ල සිදු කළ බවත් මධුර විතානගේ මහතා පැවසීය. පැමිණිල්ල ඉදිරිපත් කිරීමට මධුර විතාන මහතා සමග චින්තක මායාදුන්නේ සහ ගාමිණී වලේබොඩ යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු ද පැමිණ සිටියහ.යහපාලන ඖෂධ මගඩියකට එරෙහිව මධුර විතාන

 283 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply