යහපාලන රජය කෝටි 21,300ක කිරිපිටි ගෙන්වලා – ඇමති බන්දුල කියන කතාව

2015-2019 යහපාලන සමයේදී රුපියල් කෝටි 21,300ක මුදලක් වැය කරමින් කිරිපිටි කිලෝ ග්‍රෑම් කෝටි 46,100ක් ආනයනය කර ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.

2010 -2014 සමයේදිත් මෙරටට කිරිපිටි ආනයනය කර ඇති අතර, එම ප්‍රමාණය කිරිපිටි කිලෝ ග්‍රෑම් මිලියන 368ක් බවද ඇමැතිවරයා පැවසීය.

2010-2014 වකවානුවට සාපේක්ෂව 2015-2019 වකවානුවේදී මෙරටට ආනයනය කරන ලද කිරිපිටි ප්‍රමාණයෙහි ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවද ඇමැතිවරයා පැවසීය.

2010-2014 වකවානුවේදී ආනයනය කරන කිරිපිටි කිලෝවක් වෙනුවෙන් පනවා තිබූ රුපියල් 250ක බද්ද රුපියල් දෙක දක්වා අඩු කිරීමටද යහපාලන රජය කටයුතු කළ බවත් පසුගිය රජය අනුගමනය කළ මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කළ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාට සිය ස්තූතිය පිරිනමන බවත් ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

 295 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply