කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් හි කොටු වී සිටින ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් යළි මෙරටට ගෙන්වා ගැනිම සඳහා රජය ගන්නා පියවරයන්ට සහය ලබාදීමට

‘ඇවන්ට්ගාර්ඩ්’ සමාගම  ඉදිරිපත්ව ඇත.

ජනාධිපතිවරයා විසින් මේ වන විටත් මෙම රට විරුවන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක් දියත් කර ඇති බවත්, ඒ වෙනුවෙන් තම ආයතනයේ උපරිම සහය ලබාදෙන බවත් ‘ඇවන්ට්ගාර්ඩ්’ සමාගමේ  සභාපති, මේජර් (විශ්‍රාමික) නිශ්ශංක සේනාධිපති පවසයි.

මෙහිදී රජය මුහුණ පා තිබෙන බරපතල ගැටළුවක් වන්නේ, මෙසේ ගෙන්වන දහස් ගන්න පිරිසට නිරෝධායන පහසුකම් සැලසීමේ අසීරුතාවයයි. 

”මෙහිදී රජය මුහුණ පා තිබෙන බරපතල ගැටළුවක් වන්නේ, මෙසේ ගෙන්වන දහස් ගන්න පිරිසට නිරෝධායන පහසුකම් සැලසීමේ අසීරුතාවයයි.” 

ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් 8000ක් පමණ යළි මෙරටට පැමිණිමේ අපෙක්ෂාවෙන් යුතුව ඩුබාහි රැඳී සිටින බැවින් ඔවුන් වෙනුවෙන් යම් පහසුකමක් සලසා දෙන ලෙස ඩුබායි හී ශ්‍රී ලංකා තානාපතිවරයා පසුගියදා කළ ඉල්ලීමකට අනුව අවශ්‍ය පහසුකම් සලසා දීමට ‘ඇවන්ට්ගාර්ඩ්’ සමාගම කැමැත්ත පළකර ඇත. 

එසේම, ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ඉල්ලීම මත ලෝකය පුරා සිටින රට විරුවන් මෙරට ගෙන්වා ගැනීමටත්, ඔවුනගේ නිරෝධයනය කටයුතු නොමිලේම ඉ‍ටු කර දීමටත් කටයුතු යොදා ඇතැයි ‘ඇවන්ට්ගාර්ඩ්’ සමාගම විසින් නිකුත්කල නිවේදනයක සඳහන් වේ.

”ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ඉල්ලීම මත ලෝකය පුරා සිටින රට විරුවන් මෙරට ගෙන්වා ගැනීමටත්, ඔවුනගේ නිරෝධයනය කටයුතු නොමිලේම ඉ‍ටු කර දීමටත් කටයුතු යොදා ඇතැයි ‘ඇවන්ට්ගාර්ඩ්’ සමාගම විසින් නිකුත්කල නිවේදනයක සඳහන් වේ.”

සියලු දෙනාට අවම ගාස්තුවක්: PCR පරීක්ෂණ ද නොමිළේ

මේ මොහොතේ දැඩි මුල්‍යමය ගැටළුවලට මුහුණ දී සිටින රට විරුවන් සියලු දෙනා අවම ගාස්තුවක් යටතේ මෙරටට ගෙන්වා ගැනීම සඳහා ‘ඇවන්ට්ගාර්ඩ්’ සමාගම, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග සාකච්ඡා කර ඇති අතර එහිදී මිළ ගනන් අඩු කිරීමට එකඟවීම ගැන ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ ට ස්තූතිවන්ත වන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එසේම දැඩි මුල්‍යමය අපහසුතා ඇති පිරිස වෙනුවෙන් PCR පරීක්ෂණ ද නොමිළේ  සිදුකර දීම සඳහා වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ අද දිනයේ සාකච්ඡා කිරීමට නියමිත අතර  අවශ්‍ය වෛද්‍ය උපකරණ සඳහා රුපියල් ලක්ෂ 200 ක මුදලක් දැරීමට ‘ඇවන්ට්ගාර්ඩ්’ එකඟත්වය පළකර ඇත.

රක්නා ආරක්ෂක ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් :

එසේම මෙම වැඩ පිළිවෙල රක්නා ආරක්ෂක ලංකා සමාගම සමඟ වන ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමටද එකඟතාවයකට පැමිණ ඇත. ඒ අනුව මෙය රජයේ පූර්ණ අධීක්ෂණය යටතේ වන ව්‍යාපෘතියක් ද වේ.  

මෙම වැඩපිළිවෙලෙහි ප්‍රථම අදියර ලෙස මෙරට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදේශ ශ්‍රමිකයන් 2000 ක් ගෙන්වා ගැනීම සිදුවෙනු ඇත. 

”මෙම වැඩපිළිවෙලෙහි ප්‍රථම අදියර ලෙස මෙරට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදේශ ශ්‍රමිකයන් 2000 ක් ගෙන්වා ගැනීම සිදුවෙනු ඇත. ”

ඔවුන් වෙනුවෙන් මෙරට නිරෝධායන සමයේදී අවශ්‍ය ඉඳුම් හි‍ටුම්, ආහාර පානාදිය ඇතුළු සියලු පහසුකම් තම ආයතනය මඟින් නොමිළේ ලබා දීමට සැලසුම් කර ඇති බවත්, ඒ අනුව මෙරට පැමිණෙන රටවිරුවන්ට මෙම නිරෝධායන කටයුතු වෙනුවෙන් මුදල් වැය කිරීමට සිදු නොවන බවත් ‘ඇවන්ට්ගාර්ඩ්’ පවසයි.

මෙම ව්‍යාපෘතිය සඳහා තම සමාගම රුපියල් ලක්ෂ 1500 ක මුදලක් වෙන් කර ඇති බව ද ‘ඇවන්ට්ගාර්ඩ්’ සමාගම කියා සිටියි.

ඔබටත් සහයවිය හැකියි :

මෙම සත්කාර්යය වෙනුවෙන් ආධාර කිරීමට කැමැති ඕනෑම අයකුට කොට්ට, මෙට්ට, ඇඳ, ඇතිරිලි ආදිය ලබා දීමෙන් සහය විය හැකි බව පවසන ‘ඇවන්ට්ගාර්ඩ්’ සමාගම, එසේම මෙරට ප්‍රකට ව්‍යාපාරික ආයතන වලින්ද එවැනි සහයෝගය බලාපොරොත්තු වේ.

ජෝන් කීලස්, ඩයලොග්, ඇක්සස්, හේලීස්, වැනි රටේ දැවැන්ත ව්‍යාපාර ආයතනවලට ද මේ සඳහා දායකත්වය සැපයිය හැකි බව පවසන ‘ඇවන්ට්ගාර්ඩ්’ සමාගම, එසේ සහයක් නොලැබුනත් තම යුතුකම ඉටුකිරීමට බැඳී සිටින බව අවධාරණය කර සිටියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here