ප්‍රමිති අධ්‍යක්‌ෂ ජනරාල්ගේ ප්‍රකාශය ගැන රජයක් ලෙස ගත යුතු තීන්දු තීරණ ගන්නවා

ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය ඉකුත්දා ප‍්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් රජයක් ලෙස ගතයුතු තීන්දු තීරණ ගන්නා බව සම කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
 
 වස විස අලෙවි කළද දේශීය සමාගම් කඩා වැටෙන නිසා ඒවා හෙළි කළ නොහැකි බවට ඇය කළ ප‍්‍රකාශය කිසිසේත් රජය අනුමත නොකරන බවද ඇමැතිවරයා සඳහන් කළේය. එනිසා ප‍්‍රමිති ආයතනයේ නිලධාරීන් සමග ද සාකච්ඡා කර ඇය කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කර අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගනු ලබන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
 
 එසේම විස සහිත ආහාර සහ විශේෂයෙන් පිළිකා කාරක සහිත පොල්තෙල් මෙරටට ආනයනය කිරීම වැනි දේ පිළිබඳ රජය පුළුල් අවධානය යොමු කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නියමිත බවද ඇමැතිවරයා කීවේය.
 
 ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (05 ) පැවති ඇමැති මණ්ඩල රැුස්වීමේදීද මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු වූ බව කී ඇමැතිවරයා පිළිකා කාරක ඇතුළු වස විස සම්බන්ධයෙන් සමාජ කතිකාවතක් ඇතිවීම ඉතා වැදගත් බවද පෙන්වා දුන්නේය.
 
 මේ හේතුවෙන් කූට වෙළෙඳුන් විසින් කාලාන්තරයක් තිස්සේ කරගෙන ආ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නිසි කි‍්‍රයාමාර්ග ගැනීමට අවස්ථාව උදා වී ඇති බවද ඇමැතිවරයා පැවසීය.
 
 රජය ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම කි‍්‍රයාත්මක වන අතර ඒ සඳහා මාස දෙකක් වැනි ඉතා කෙටි කාලයක් ගතවනු ඇති බවද පෙන්වා දුන්නේය.
 
 කැබිනට් තීරණ දැනුම් දීම සහා ඊයේ (06)රජයේ ප‍්‍රවෘත්ති දොර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සහන් කළේය.

 305 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply