ශක්ති සහල් වැඩසටහනට එල්ලවන බාධාවන් මේ වනවිට වැඩි වෙමින් ඇතැයි එහි නිර්මාතෘ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

සහල් වෙළඳපොළේ පවතින ඒකාධිකාරයට එරෙහිව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නායකත්වයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන “ශක්ති“ සහල් වැඩසටහන තවත් සංධිස්ථානයකට පැමිණෙමින් අපනයන ප්‍රමිතියෙන් යුතු “රන්කෙත“සහල් සන්නාමය අද (21) වැලිසර, සතොස තොග ගබඩා පරිශ්‍රයේදී හඳුන්වා දුන්නේය.

මෙම අවස්ථාව “ශක්ති“ සහල් වැඩසටහනේ නිර්මාතෘ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල්හිමියන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු “රන්කෙත“ සහල්එක්නිශ්චිත වී ප්‍රභේදයකින් පමණක් නිෂ්පාදනය කරන බව මෙම අවස්ථාවේදී අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

මෙහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා පැවසුවේ  පාරිභෝගිකයින්ගෙන් ලැබෙන ඉහළ ප්‍රතිචාරය හමුවේ මෙම වැඩසටහනට එල්ල කරන බාධාවන් වැඩිවෙමින් තිබෙන බවත් එම බාධාවන් ජයගෙන වී ගොවියාටත්, සුළු හා මධ්‍යම පරිමාණසහල් නිෂ්පාදකයාටත්, පාරිභෝගිකයාටත් සහනයක් ලබාදීමේ අරමුණෙන් මෙම වැඩසටහනතව තවත් ශක්තිමත් කිරීමට තමා අදිටන් කරගෙන සිටින බවයි.

2019 මහ කන්නයේදී දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් වී අලෙවි මණ්ඩලය හරහා මිලදීගත් මෙට්‍රික් ටොන් 50,000 ක් පමණ වී තොගය මගින් නිෂ්පාදිත “ශක්ති“ සහල්ද එම අවස්ථාවේදීම අමාත්‍යවරයා විසින් වෙළඳපොළට නිකුත් කළ අතර මෙම සහල් මෙරට ප්‍රධානපෙළේ සුපිරි වෙළඳ සැල් වලින් පාරිභෝගිකයින්ට මිලදීගත හැකිවේ.

පසුගියදා ජීවන වියදම් කමිටුවේ තීරණය මත සීමාසහිත ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිතියේ සාමාජිකත්වය දරණ දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිති වෙත මෙම මෙට්‍රික් 50,000 ක් පමණ වන වී තොගය ලබා දුන්අතර එම වී වලින් ශක්ති,තම්බපන්නි සහ රන්කෙත සන්නාම යටතේ සහල් සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල්හිමියන් විසින් නිෂ්පාදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here