ලෙඩ වූ විදුලි සේවකයෝ 25,000ක් හෙට කොළඹට!

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් 28,000ක පමණ සංඛ්‍යාවකගෙන් 25,000ක පමණ පිරිසක් හෙට (අප්‍රේල් 8) අසනීප නිවාඩු වාර්තා කර කොළඹ ලංවිම මූලස්ථානය අභියස පැවැත්වෙන විරෝධතා උද්ඝෝෂණයකට සහභාගි වන බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි.

එහි සමකැඳවුම්කරු රන්ජන් ජයලාල් ඊයේ (අප්‍රේල් 6) පැවැසුයේ, විදුලි බල සේවකයන් සඳහා වසර 3ක් වෙනුවෙන් සියයට 36කින් වැටුප් වැඩි කිරීම 1:6 වැටුප් විෂමතාව අහෝසි කිරීම, නව SORP චක්‍රලේඛය මගින් කෙරෙන උසස් වීම් කප්පාදුව නතර කිරීම, අවදානම් දීමනාව ලබාදීම, විශ්‍රාමික විදුලි සේවකයන්ට සහන සැලසීම, විදුලි සේවක වෛද්‍යාධාර ක්‍රමය විධිමත් කිරීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීම් නොසලකා හැරීමට එරෙහිව මෙම වෘත්තීය සමිති විරෝධතාව සංවිධානය කරන බවය.

 364 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply