රන්ජන් පාර්ලිමේන්තුවෙන් එලියට, අජිත් මාන්නප්පෙරුම ඇතුලට – අවසාන තීන්දුව මැතිවරණ කොමිසමට දන්වයි! [VIDEO]

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පවසයි.

අද (07) පාර්ලිමේන්තුවේ දී නිවේදන පිළිබඳ දන්වමින් ඒ මහතා පැවසුවේ, නීති උපදෙස් සැලකිල්ලට ගෙන රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමිසමට දන්වා යැවු බවය. ඒ සඳහා වූ නිවේදනය පාර්ලිමේන්තු මහලේකම් වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ මීළඟට සිටින මනාප ලාභියා වන අජිත් මාන්නප්පෙරුම මහතාට මේ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වරම ලැබෙනු ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වු හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කර තිබේ.

 271 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply