හිස් බීර ටින් වසංගතයට විසඳුමක් නොවේ නම් තහනමක ලකුණු

මතුරට – පදියපැලැල්ල රිකිල්ලගස්කඩ සහ හ`ගුරන්කෙත වැනි නගරවල වැසිකිළිවල පිටුපසින් පැති කාණුවලත් බස් නැවතුම් පළ පිටුපසත් තැනින් තැන දමා ඇති හිස් බීර ටින් නිසා නගරවල පවිත‍්‍රතාවයට විශාල බාධාවක් වී ඇත.

මෙම හිස් බීර ටින් වැසි දිනවලදී ජල මූලාශ‍්‍රවලට එකතු වීමෙන් මදුරු උවදුර දිනෙන් දින උග‍්‍ර වී ඇති අතර මෙවැනි ටින් සහ වෙනත් අපද්‍රව්‍ය කාණුවල රැුඳීමෙන් වැසි දිනවලදී සියලූ පැති කාණු අවහිර වී ‘‘අප ජලය’’ මහා මාර්ගය දිගේ ගලායන බව දැකිය හැකිය.

මෙම හිස් බීර ටින් විශාල සමාජ ව්‍යසනයක් වී ඇතැයි පොදුජන පෙරමුණු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සුජිත් විජේකෝන් මහතා ඉකුත්දා පැවැති හ`ගුරන්කෙත ප‍්‍රාදේශීය සභා රැුස්වීමේදී පැවසීය. මෙවැනි බියර් ටින් අලෙවි කිරීමෙන් පසුව හිස් ටින් ආපසු මත්පැන් ශාලාවටම ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් සකසන ලෙසත් එසේ නොහැකි නම් හ`ගුරන්කෙත බල ප‍්‍රදේශය තුළ බියර් ටින් අලෙවිය තහනම් කිරීමට පියවර ගන්නා ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.

උදය බී. යටිවැල්ල – මතුරට විශේෂ

 337 total views,  10 views today

What’s your Reaction?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply