පුෂ්පිකාගේ කිරුළ ගැලවූ කැරොලයින් ජූූරි කුරුඳුවත්ත පොලිසියට!!

ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරගයේදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් විවාහක රූ රැජින කැරොලයින් ජූූරි මේ වන විට කුරුදුවත්ත පොලීසිය හමුවේ සිටී.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින වූ පුෂ්පිකාගේ කිරුළ ගලවා ඒ තැන ලබා දුුන් දෙවැනියා වන ආශ්‍යා බස්නායක නැමැත්තිය කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තාරනාත් බස්නායකගේ විවාහක බිරිදයි.

පොලීසීය පවසන්නේ මෙම පැමිණීල්ල දෙපාර්ශවය විසින් සමතයකට පත්නොවන්නේ නම් සමත මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.


ඉකුත් 4 වන දින ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ලෝක විවාහක රූ රැජිණ සංවිධායක මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් සඳහන් කර ඇත්තේ මෙම සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කර ඒ අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම වර්තමාන විවාහක ලෝක රූ රැජිණ වන ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි එම අවස්ථාවේදී හැසිරුණු ආකාරය පිළිබදව තම සංවිධානය කණස්සල්ල පළ කරන බවත් එම නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකා සංවිධායකයින් විසින් විවාහක ලෝක රූ රැජිණ තරගාවලිය සඳහා නීත්‍යානුකූලව විවාහක කාන්තාවක ඉදිරිපත් කරන්නේ නම් ඇය ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියට පිළිගන්නා බවත් එම නිවේදනයේ සඳහන්.

 922 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply