2020 වසරේදී මේ රට ණය සීමාව ඉක්මවා නෑ!

2020 වසරේදී මෙරට ණය සීමාව ඉක්මවා නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවැසීය. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාමය සහ නීතිමය සීමාවන් ඉක්මවා යමින් වත්මන් රජය කටයුතු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඉරාන් වික්‍රමරත්න මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය. 

2020 වසරේ රට තුළ උද්ගත වූ තත්ත්වය සමඟ ජනාධිපතිතුමා කටයුතු කළේ ව්‍යවස්ථාවට අනුකූලව බවද අමාත්‍යවරයා පැවැසීය.  කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් 5,000 දීමනාව ලබාදීමද නිසි ක්‍රමවේදයක් ඔස්සේ අවශ්‍ය අනුමැතීන් යටතේ සිදුකර ඇතැයි අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

කොවිඩ් වසංගත තත්ත්වය පදනම් කරගනිමින් රජයේ කටයුතු අඩපණ කිරීමට කටයුතු නොකරන ලෙස අමාත්‍යවරයා විපක්ෂයෙන් ඉල්ලීමක් කළේය.

 339 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply