හඳුන්කූරු නිෂ්පාදනය සඳහා මෙරට නිෂ්පාදකයින් ප්‍රමාණවත් පරිදි සිටියත් පසුගිය කාලයේ  අප දල්වන හඳුන්කූර පවා පිටරට වලින් ආනයනය කරන තත්වයට තත්වයට අපේ රට පත්ව තිබීම කණගාටුදායක තත්වයකි. එහි ඇති අනෙක් අවාසනාවන්තම තත්වය වනුයේ මෙරට හඳුන්කූරු නිෂ්පාදකයින් පවා හඳුන්කූරු නිෂ්පාදනයට අවශ්‍ය බම්බු කූරු ඉන්දුනීසියාවෙන් ආනයනය කොට භාවිතා කිරීමය.

මේ කරුණු හෙළිදරව් වුයේ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබද ඊයේ  (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

මෙසේ  බම්බු කූරු ආනයනයට වාර්ෂිකව විශාල මුදලක් වැයවීම අපේ රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වන අතර අපේ රටේ ඇති සම්පත් නිසි ලෙස කළමනාකරණය කොට හඳුන්කූරු නිපදවීමට අවශ්‍ය බම්බු කූරු මෙරට නිපදවීම හරහා විශාල මුදලක් ඉතිරිකරගත හැකි වන බවද අදාළ සාකච්චාවේදී හෙළි කෙරුනා.

මේ පිළිබඳව අවධානය යොමුකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා වහාම විෂය භාර  අමාත්‍යවරුන්ට හා  නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ මාසයක් තුල හඳුන්කූරු නිපදවීමට අවශ්‍ය බම්බු කූරු නිපදවා ඒ පිළිබඳව ප්‍රගතිය දැනුම් දෙන ලෙසටයි. මේ අනුව මෙරට තුල අදාළ නිෂ්පාදන සිදු කිරීම මඟින්  නව නිෂ්පාදන අවස්ථා රැසක් නිර්මාණය හරහා ග්‍රාමීය ආර්ථිකයටද ශක්තියක් වන බව ජනාධිපතිවරයාගේ අදහස වී තිබේ.

සාම්ප්‍රදායික කර්මාන්ත කෙරෙහි සංවේදී නොවන නීති සකස් කිරීමෙන් එම කර්මාන්ත මෙන්ම දේශීය කර්මාන්තකරුවාගේ ජන ජිවිතය ද බිඳ වැටි ඇති බැවින් වැරදි කරන සුළු පිරිසක් නිසා නීත්‍යානුකූලව කර්මාන්තවල නිරත ජනතාව අසරණ නොකළ යුතු බව ජනාධිපතිවරයා බලධාරීන්ට අවධාරණය කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here