මෛත්‍රී කනස්සල්ලෙන් – කියන කතාව මෙන්න

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ අදහස් දක්වමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත්තුමන් තමා සම්බන්ධයෙන් පෙරේදා (04 දා) මාධ්‍යයට සිදු කළ ප‍්‍රකාශය පිළිබඳව කනගාටුවට පත් වන බව හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ විධායක සභාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ (05 ) නාවල ප‍්‍රදේශයේදී එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

මෙහිදී කාදිනල්තුමන්ගේ ප‍්‍රකාශය පිළිබඳව සහ ඉදිරි පළාත් සභා මැතිවරණය පිළිබඳව මාධ්‍ය විසින් විමසූ ප‍්‍රශ්නවලට හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.

‘‘පළාත් සභා පිළිබඳව කතා කරන්න පළාත් සභා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය යුතුයි. එම පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණොත් පමණයි ඒ ගැන කතා කළ යුත්තේ. දැන්ම ඒ ගැන සාකච්ඡුා කරලා වැඩක් නැහැ. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් මා පිළිබඳව සඳහන් කරමින් කාදිනල්තුමන් කළ ප‍්‍රකාශය පිළිබඳව මම හරිම කනගාටුවට පත් වෙනවා.

 347 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply