පුත්තලම දිස්ත්‍රික්කයට මේ වන විට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාව හදිසි පිඩාවකට ලක්වුවහොත් කඩිනමින් සහන සැලසිමට යුද ,ගුවන් ,නාවික හමුදාවන්වල විශේෂ කණ්ඩායම් කිපයක් සුදානමින් සිටියි.

මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමේනි දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්.එන්.කේ. අලහකොන් මහතා මේ බව පවසා තිබේ.

දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ මේ වන විට දිස්ත්‍රික්කය පුරා අධික වර්ෂාවක් පතිත වන බවත් එත් සමඟම කළාඔය පිටාර ගැලිම සහ ජලාශ වාන් දැමිම හා වැසි ජලය ගලා නොයැමේන් මේ වන විට විශාල පිරිසක් පිඩාවට පත්වි ඇති බවයි.

මෙහිදි පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එම්.එන් .චිත්‍රානන්ද මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 16 දෙනාගේ සහයෝගයෙන් ජනතාවට සහන සැලසිම සිදුකරන බවද කියයි.

කෙසේ නමුත් ඉදිරි දින කිපය තුලත් වර්ෂාව ලැබිමත් සමඟ ජනතාව බරපතල පිඩාවන්ට ලක් විමේ අවධානමක් පවතින බැවින් ත්‍රිවිධ හමුදාවේ විශේෂ ඒකක ජනතාව මුදා ගැනිමේ මෙහෙයුම් සඳහා යොදා ගැනිමට සුදානම් කර ඇති බවද සහකාර අධ්‍යක්ෂ වරයා පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here