ඔබට මවගේ පාර්ශවයෙන් ලැබිය හැකි ජානමය රෝග 10ක්

ශරීරයේ යම් යම් දුර්වලතා හටගැනීම පවා ජාන බලපෑමින් තීරණය වෙනවා ජාන බලපෑම නිසා තීරණය වෙන්නේ පෙනුම සහ පෞරුෂත්වය පමණක්ම නොවේ. මව් පාර්ශවයෙන් සහ පිය පාර්ශවයෙන් තමා මේ ජාන අපිට ලැබෙන්නේ. සිරුරේ තෙහෙට්‍ටුව නිසා නොව ජාන නැඹුරුතාවන් නිසා මතුවිය හැකි තත්වයන් ද තිබෙනවා ඉන් කිහිපයක් නම් විෂාදය සහ අනිද්‍රාව (ඉන්සොම්නියාව) ආදී ඇතැම් රෝග. ඉතින් අද අපි ඔබට ගෙන ඒමට හිතුනා මවකගෙන් දුවකකට උරුම වන ජානමය රෝග කිහිපයක් ගැන. 

ඔබේ නීරෝගිකම ආරක්ෂා කරගැනීම කෙරෙහි ඉතා වැදගත් වෙන දෙයක් තමා එවැනි ජානමය තත්වයන් ඔබටත් උරුම වී තිබිය හැකි බැවින් ඔබේ සෞඛ්‍යය තත්වය සාහ ඔබ අත්දකින ඇතැම් ශාරීරික වෙනස්කම් පිළිබඳව හොඳ සැලකිල්ලකින් පසු වීම. අපි ඔබට කියන් නෑ මෙම රෝග ඔබට අනිවාර්යයෙන් බලපානවා කියල ඒත් ඔබ මෙම තත්ත්වයන් ගැන දැනගෙන සැලකිල්ලෙන් සිටීම ඔබට වඩා හොදා

01. ඔස්ටියෝපොරෝසිස්

 අස්ථීන් කැඩී බිඳී සිරි යාමේ ඉහළ ප්‍රවණතාවයක් ඇතිවන රෝග තත්වයක් තමා මේ ඔස්ටියෝපොරෝසිස් කියල කියන්නේ. අස්ථි කැඩි බිඳි යාමේ අවදානම මෙහිදී වැඩී මීට හේතුව තමා අස්ථි වල ඉහළ දුර්වල බව.මෙම තත්වයෙන් බොහෝ පීඩා විදින්නේ බොහෝ විට කාන්තාවන්. වැදගත් අවදානම් සාධක අතරින් එකක් සේ සැලකෙන දෙයක් තමා ජානමය නැඹුරුතාව එහෙමත් නැතිනම් ජාන තුලින් මෙම රෝගය වැලඳීමට හැකි වීම. ආර්තවහරණය සිදුවීමෙන් පසුව සමඟ මෙම රෝග තත්වය බහුලව කාන්තාවන්ට මතුවෙනවා. අස්ථින් වල කැල්සියම් ඉවත් වී ගොස් ඒවා කැඩෙන බි‍ඳෙන සුලුබවට පත්වී සිරුර වෙනස්කම් වලට ලක්වීම මෙම කාලයෙදී සිදු වෙනවා ඒ නිසා මෙම කාලයේදී මෙම රෝගය මතු වීම සිදු වෙන්නේ. 

මෙම තත්වය ඇතිවීම වළක්වාගැනීමට උත්සාහ කල හැකි ක්‍රියාමාර්ග:

 ඉතාම වැදගත් දෙයක් තමා කැල්සියම් බහුල ආහාර වර්ග පරිභෝජනය කිරීම කියල කියන්නේ.  ප්‍රමාණවත් පරිදි විටමින් D පෝෂණය ලබාගැනීම ද සිදුකල යුතුමයි කැල්සියම් සිරුරට අවශෝෂණය වීමට නම්. වෛද්‍ය උපදෙස් ලබාසිටීමත් මෙයට වැදගත් වෙනවා. විටමින් අතිරේක පෝෂක ලබාගැනීමට පෙර ඔබ  වෛද්‍ය උපදෙස්නම් ලබාගත යුතුමයි. 

ක්‍රීඩා වල නිරතවීමත් ඔබ සිදු කල යුතුයි ඔබේ බර පාලනය කිරීම සදහා. සතියකට මිනිත්තු 150 ක් පමණ ව්‍යායම වල නිරතවීම සිදුකල යුතුයි වයස අවුරුදු 19-64 අතර වයසේ පසුවන පුද්ගලයින්. මෙය තමා නිර්දේෂ කරන්නේ. වඩාත් උචිත ව්‍යායාමයක් තමා ඒරෝබික් ව්‍යායාමය කියල කියන්නේ. සතියකට දෙවරක් පමණ පාද, කලවා, කොන්ද, පපුව, බාහු සහ උරහිස් ආශ්‍රිතව මාංශ පේශීන් වර්ධනය කරවන ව්‍යායාම සිදු කිරීම උචිතයි. 

02. රූමැටොයිඩ් ආතරයිටීස් තත්වය

මෙම ආතරයිටීස් තත්වය හටගැනීම සඳහා බලපාන හේතු සාධකය තවමත් අපහැදිලි. ජානමය සහ පාරිසරික යන දෙයාකාරයේ සාධක සුසයෝගයක් මඟින් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඇතිකරවන බලපෑමක් නිසා මෙය හටගන්නවා කියල තමා විද්‍යාඥයින් නම් විශ්වාස කරන්නේ. 

මෙම තත්වය ඇතිවීම වළක්වාගැනීමට උත්සාහ කල හැකි ක්‍රියාමාර්ග:

ඔබ අවම කර යුතු දේවල් තමා දුම් බීම, කෝපි සහ රතු මස් පරිභෝජනය. 

ඔබ සැලකිලිමත් විය යුතුයි ඔබේ දත් සහ විදුරුමස් වල නීරෝගිකම පිලිබඳව . ඔබේ දත් පරික්ෂා කරවා ගැනීම නිතරම කරන්න. මීට හේතුව තමා  රුමැටොයිඩ් ආතරයිටීස් තත්වය දක්වා වර්ධනය විය හැකී පීරියෝඩොන්ටයිටීස් හෙවත් විදුරුමස් රෝග හටගැනීම. 

ඔබේ දෛනික ආහාර වේලට එක්කර ගත යුත්තේ විටමින් C බහුල ආහාරයි. ඔබේ සිරුරේ ප්‍රදාහය තත්වයන් ඇතිවීමේ අවදානම බොහෝ සෙයින් අඩු කිරීමට  මෙම ප්‍රබල ප්‍රති-ඔක්සිකාරක ගුණය මඟින් හැකියාවක් ඇත.

03. අකලට වියපත් වීම

අපේ සිරුර වියපත් වීම වළක්වමින් ආරක්ෂා කිරිමට ඇතැම් ජාන ක්‍රියාත්මක වන බව විද්‍යාඥයින් පවසයි. මවු පාර්ශවය හරහා තමා මෙම ජාන එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට සම්ප්‍රේෂණය වීම සිදු වෙන්නේ.  ඔබේ සිරුර වියපත් වීම වඩාත් වේගවත් ස්වභාවයක් ගන්නවා ඔබට ඔබේ මවු පාර්ශවයෙන් හිමි වී ඇත්තේ හානිවූ DNA නම්. අවසනාවකට තවමත් විද්‍යාව සමත් වෙලා නෑ මෙම තත්ත්වය නිවැරදි කිරීමට.  ඔබේ සමේ ආරක්ෂාව සඳහා ඉහළ SPF අගයක් ඇති සන්ස්ක්‍රීන් නිෂ්පාදනයක් භාවිතයට ගැනීම ඔබට කල හැකී මෙය මේ සදහා හොද විකල්පයක් විය හැකී. ජාන මඟින් උරුමවිය හැකි ලක්ෂණයක් තමා හිරුකිරණට ඇති සංවේදිතාව.

04. මානසික අවපීඩනය (විෂාදය)

 විෂාදයෙන් පෙළෙන පුද්ගලයින්  මිලියන 300 අධික පිරිසක් පමණ ලෝකයේ වාසය කරන බව පැවසෙනවා.Slc6a15 නම් ජානය තමා විෂාදය ඇතිවීම කෙරෙහි බලපාන්නේ.විද්‍යාඥයින් පවසන ආකාරයට විෂාදය ඇතිවීම කෙරෙහි බලපාන මෙම ජානය උරුමයෙන් දරුවන්ට ලැබෙනවා. කාන්තාවන් තමා මෙම තත්තවයට බොහෝ විට ගොදුරු වෙන්නේ.  මුල්බැසගත් දිගු කාලීනව පවත්නා තත්වයක් දක්වා වර්ධනය වීමට මෙම තත්ත්වයට හැකියාවක් තිබෙනවා.ජාන මඟින් උරුම වෙන දෙයක් තමා මේ   පසු ප්‍රසව විෂාද තත්වය කියල කියන්නේ. 

මෙම තත්වය ඇතිවීම වළක්වාගැනීමට උත්සාහ කල හැකි ක්‍රියාමාර්ග:

 හොඳ නින්දක් ලබා ගැනීම අනිවාර්යයෙන්ම සිදු කරන්න. ඔබගේ කායික පැවැත්ම ගැන හොද අවධානයකින් සිටින්න. ඒ වගේම ඔබ අමතක නොකර නීරෝගි සමබල ආහාර වේලක් ලබා ගැනීම සිදු කරන්න. දිනපතා ව්‍යායාම වල නිරත වීමට වගේම හොඳින් ජලය පානය කිරීමට අමතක කරන්න එපා. 

ඔබේ ගැටලු ඔබගේ මනසේ සිර කරන් ඉන්න එපා. විශ්වාසවන්ත මිතුරෙකුට හෝ පවුලේ සාමාජිකයෙකු සමඟ ඔබේ ගැටලුව පවසා ඔබේ හිත නිදහස් කර ගන්න. විවෘතව කතා කිරීම ඔබට විශාල පහසුවක් සපයාවි. 

මනෝවිද්‍යා චිකිත්සකවරයෙකු වෙත යොමු වීම ඔබ කල යුතුයි ඔබට හැගෙනවා නම් ඔබේ තත්තවය බරපතලයි කියා. පැකිලීමකින් තොරව එය සිදු කරන්න

05. ග්ලූකෝමා (නීලකාච රෝගය)

ග්ලූකෝමා තත්වයට ගොදුරු වන්නේ බොහෝ දුරට කාන්තාවන් වේ. පිරිමි පුද්ගලයින්ට වඩා මෙම තත්තවය ඇති වන්නේ කාන්තාවන්ටයි.ඇස් පෙනීම නැති වී යාමට පවා මෙම රෝගය නිසා පුලුවන් මීට හේතුව තමා  ඇසේ පිහිටි දෘශ්‍ය ස්නායුවට හානි වීම.ජාන වලින් මෙම තත්ත්වය දරුවන්ටද උරුම වෙන්න පුලුවන්. 

මෙම තත්වය ඇතිවීම වළක්වාගැනීමට උත්සාහ කල හැකි ක්‍රියාමාර්ග:

තම ඇස් පරික්ෂා කරගැනීමට යොමු වීම සෑම වයසක දීම සිදු කල යුතුයි. වයස අවුරුදු 40 පිරීමට පෙර වසර 2-4 කට වරක්, වයස අවුරුදු 40-54 කාලයේදී සෑම වසට 1-3 කට වරක්, වයස අවුරුදු 55-64 කාලයේදී සෑම වසර 1-2 කට වරක් සහ වයස අවුරුදු 66 ට වැඩි පුද්ගලයින් සෑම මාස 6-12 කට වරක් තම ඇස් පරික්ෂා කර ගැනීම සිදු කර යුතුමයි. 

මධ්‍යස්ථ ප්‍රමාණයකින් කායික ව්‍යායාම කිසිදුකිරීමටත් ඔබ අමතක කරන්න එපා. සතියකට දෙවරක් වත් ඇවිදීම, දීඊම වැනි ව්‍යායාම සිදු කරන්න. සරල යෝගා අභ්‍යාස පුරුදු පුහුණු වීම ද ඔබට සිදු කරන්න පුළුවන්. බෙල්ල සහ උරහිස් ඇදීයාමට ලක් නොවන ආකාරයේ ව්‍යායාම කිරීමට ඔබ මෙහිදී වග බලා ගත යුතුයි. 

06. හෘද රෝග

ජානමය තත්වයක් ලෙස තමා කාන්තා සිරුරේ මේද තැන්පත්වීම නිර්වචනය කරන්නේ. හෘද රෝග වැලඳිමේ අවදානම දෙගුණ වීම සිදු වෙනවා උදර ප්‍රදේශය ආශ්‍රිත මේදය තැන්පත්වී ඇත්නම්. හෘදයාබාධ තත්වයන් පවා වර්ධනය වීමේ හැකියාව තිබෙනවා  කිරීට ධමනි තුල තැන්පත් වීම සිදුවන රුධිර ප්‍රවාහයේ ඇති අතිරේක කොලෙස්ටරෝල් හේතුවෙන්. ජානවලින් ද උරුම විය හැකි තත්වයන් තමා මේ.  

මෙම තත්වය ඇතිවීම වළක්වාගැනීමට උත්සාහ කල හැකි ක්‍රියාමාර්ග

මීමැස්මොරය (ඇපොප්ලෙක්ටික් ආඝාතය), හෘදයාබාධ, අධි රුධිර පීඩනය සහ දියවැඩියාව ආදී රෝග වැලඳීමේ අවදානම වැඩි කරන්න පුළුවන් ඔබේ ශරීරයේ තිබෙන අධික බර. කායික ක්‍රියාකාරීත්වය වැඩිවන ක්‍රියාකාරකමක හෝ ව්‍යායාම වල නිරතවීමට ඔබ සතියකට වාර 3-4 ක් බැගින් වත් උත්සක කල යුතුයි. 

එළවළු, පලතුරු සහ ධාන්‍ය වර්ග ආහාරයට එක්කර ගන්නා අතරම ලුණු, පැණිරස, සහ මේද බහුල ආහාර පරිභෝජනය සීමා කිරීමත් ඔබ කල යුතුයි. 

ඔබ කලින් කලට පරික්ෂා කර යුතුයි සිරුරේ පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම

07. මිග්‍රේන්

 කාන්තාවන් මිග්‍රේන් තත්වය හේතුවෙන් බොහෝ පීඩා විදිනවා පිරිමි පුද්ගලයින් හා සන්සන්දනය කරන විට. ජාන ඔස්සේ තමා මෙය උරුම වෙන්නේ. මෙම තත්ත්වය වලක්වා ගැනීමට විවිධ ක්‍රම තිබෙනවා. පරිභෝජනය අඩු කර යුතුයි ඔබ මත්පැන්, චොකලට්, කෝපිසහ සිට්‍රස් අඩංගු පලතුරු. මිග්‍රේන් තත්වයක් වර්ධනය වීමට මෙම ආහාර හේතු වෙන්න පුළුවන්. 

මෙම තත්වය ඇතිවීම වළක්වාගැනීමට උත්සාහ කල හැකි ක්‍රියාමාර්ග:

ඔබ හැකිතරම් මග හැරිය යුතු ස්ථාන තිබේ ඒ නම් ප්‍රබල ගන්ධයන් සහිත සහ දිප්තිමත් ආලෝක විහිදෙන් ආදි ස්ථානයි. 

ජලය හැකි තරම් පානය කරන්න. 

කාලයක් වෙන්කර ගැනීමට උත්සාහ කරන්න සැම විටම දිනපතාම විවේකයෙන් සහ සැහැල්ලුවෙන් සිටීම සදහා. 

08. අනිද්‍රාව (ඉන්සොම්නියාව)

මනෝවිද්‍යාත්මක හේතු සාධක නිසා පමණක් නොව ජානමය බලපෑම් ද ඉන්සොම්නියාව නැතිනම් අනිද්‍රාව හෙවත් නින්ද නොයෑමේ පීඩාකාරී තත්වය ඇතිවන්න හේතු වන බව විද්‍යාඥයින් පවසනවා. ප්‍රබල ජානමය බලපෑම් කාංසාව, විෂාදය, නියුරෝසික තත්වයන් ඇති වීම කෙරෙහි බලපාන බව ඔවුන් සොයා ගෙන තිබෙනවා. 

මෙම තත්වය ඇතිවීම වළක්වාගැනීමට උත්සාහ කල හැකි ක්‍රියාමාර්ග:

 රත්‍රියේ නින්දට යාම ඔබ සිදු කරන්න එපා සෘණාත්ම අදහස් හා සිතිවිලි ගැන සිතමින්. 

ඔබ වැළකිය යුතුයි රාත්‍රි කාලයේ කෝපි පානය කිරීම ,බර ආහාර අනුභවය හා දුම් පානය කිරීමෙන්. 

ව්‍යායාම ඇතුලු කායික ක්‍රියාකාරීත්වය ඇති වන ක්‍රියාකාරකම් සිදුකර අවසන් කිරීම නින්දා ගැනීමට ඇඳට යාමට පැය 4 කටවත් පෙර සිදු කරන්න. ඒ වගේම දිනපතාම එකම වෙලාවල් නිදාගැනීම වගේම එකම වෙලාවට අවධි වීම සිදු කරන්න. 

09. ඇල්සයිමර්ස් රෝගය

වඩාත් බහුලම ඩිමෙන්ෂියා රෝග තත්වය තමා මේ ඇල්සයිමර්ස් රෝගය ලෙස හදුන්වන්නේ. මෙය සහලක්ෂණ තත්වයක් මොලයේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පරිහාණියට පත්වන මතකය, චින්තන කුසලතාව සහ අනෙකුත් මානසික හැකියාවන්ට දැඩි ලෙස බලපෑම් ඇතිවන. නිශ්චිත ප්‍රතිකාර මෙය සුවපත් කිරීම සදහා නෑ. මෙවැනි රෝග තත්වයන් වර්ධනය වීමේ අවදානම බොහෝ දුරට අඩු කරගැනීමේ හැකියාව පවතිනවා ඔබ නීරෝගි ජීවන රටාවකට හුරුවීමට උත්සාහ කිරීම සමග. 

මෙම තත්වය ඇතිවීම වළක්වාගැනීමට උත්සාහ කල හැකි ක්‍රියාමාර්ග:

මනා පාලනයකින් යුතුව සිරුරේ රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම. 

දුම් බීම ඩිමෙන්ෂියා තත්වයන් වර්ධනය වීමට ඇති අවදානම වැඩිකරවන නිසා දුම් පානය කිරීම වලක්වන්න. 

මොලයේ පටක ඔක්සිජන් වලින් සංතෘප්ත වීම ඉහළ යාම සදහා ක්‍රීඩා වල නිරත වීම සිදු කරන්න. 

ස්වභාවික එළවළු සහ පලතුරු වර්ග ඔබේ අහාර වේලට එක්කර ගන්න සීනි සහ සංතෘප්ත මේද පරිභෝජනය සීමා කිරීම නම් ඔබ කල යුතුමයි. 

10. පියයුරු සහ ඩිම්බ කෝෂ පිළිකා

2015 වසරේදි තහවුරු වී තිබුනා ජනප්‍රිය නිළි ඇන්ජලීනා ජොලී මෙම රෝගට ගොදුරු වී ඇති බව. ඇය ඩිම්බ කෝෂ ඉවත් කිරීමේ සැත්කමට පවා භාජනය වූ බව පවසනවා. පිළිකා තත්වයකට ගොදුරු වීමෙන් තමා ඇගේ මව වගේම ඇයගේ මිත්තණියත් දිවි හැරගොස් තිබෙන්නේ. සදෝෂි BRCA1 ජානය ඇයගේ සිරුරේ තිබූ බව සහ මේ නිසා ඇය පියයුරු සහ ඩිම්බකෝෂ පිළිකා ඉහළ අවදානමට ලක් වූ බව විද්‍යාඥයින්ගේ මතයයි. වාසනාවට පිළිකා මුල් අවදියේ පසු වු බැවින් ඇයට ප්‍රතිකාර කිරීමට හැකි වී තිබේ. විකෘතිවීමකට ලක් වි ඇති සෑම ජානයකින්ම පිළිකා අවදානමක් ඇති නොවන බවද විද්‍යාඥයින් පවසයි. 

මෙම තත්වය ඇතිවීම වළක්වාගැනීමට උත්සාහ කල හැකි ක්‍රියාමාර්ග:

ඔබ සීමා කල යුතුයි දුම් පානය සහ මත්පැන් පරිභෝජනය.

 පළමු දරුවාට උපත ලබාදීම වයස අවුරුදු 30ට පෙර සිදු කරන්න. මෙය පියයුරු පිළිකා අවදානම අඩු කරන බව අධ්‍යන මඟින්  හෙළි වී තිබේ. 

ඔබේ වෛද්‍ය පරික්ෂාවන් නිතරම සිදු කරවාගන්න.

 1,206 total views,  12 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply