“කැරොලයින් ජූලි රට අවමානයෙන් බේරාගත්තා” – පුෂ්පිකා ඉල්ලන් කෑ බව කියමින් වීඩියෝවක් නිකුත්වෙයි! [VIDEO]

ඊයේ සවස (04) පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය උණුසුම් මුහුණුවරක් ගනු ලැබූවා. අදාළ තරඟයේ කිරුල පුෂ්පිකා ද සිල්වා මහත්මියට හිමිවූ අතර කිරුල පැළඳීමද ප්‍රධාන ආරාධිත අමුත්තන් විසින් සිදු කරනු ලැබුවා.

නමුත් එම අවස්ථාවේදී අදාළ තීරණයට විරුද්දව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ මෙන්ම ලෝක විවාහක රූ රැජිණ ද වන කැරොලින් ජූරි මහත්මිය වේදිකාවට පැමිණ ප්‍රකාශ කලේ තරඟ නීති රීති වලට අනුව කිරුළ හිමිවිය යුත්තේ විවාහක අයෙකුට මිසක් විවාහයෙන් වෙන් වී දික්කසාදව සිටින අයෙකුට නොවන බවයි. එබැවින් අනුශූරතාවය දිනා ගත් තරඟකාරියට කිරුළ ලබා දෙන බව පවසමින් ඇය විසින් , අදාල තරඟකාරියගේ හිසෙහි පැළඳ තිබූ ඔටුන්න ගලවනු ලැබූවා.

මේ සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය හරහා දැඩි කතාබහක් ඇතිව තිබෙන අතර එහිදී සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජාතික සංවිධායක විශ්ව පෙරේරා අදහස් දක්වමින් කියා සිටින්නේ පුෂ්පිකා දරුවෙක් එක්ක තනිවුන ගැහැනියක් කියලා මුල ඉදලම තරගය කරපු හැමෝම සහා මුලු ලංකාවම දැන තිබියදී ඇයි පුෂ්පිකා ට තරගයට ඉදිරිපත් වීමට අවසර ලබාදීම සංවිධායක මණ්ඩලයේ වරදක් බවත් කාන්තාවක් හැටියට ඊයේ පුෂ්පිකා ද සිල්වා හට ලැජ්ජ වීමට සිදු වුනේ කැරොලයින් නිසා නොව කැරොලයින් රට අවමානයෙන් බේරා ගත් බවය. ෆේස්බුක් ලයිව් හරහා ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටින්නේ කරුණු නොදැන බොරුවට නිසදැස් ලියන්න එපා යනුවෙනි.

විශ්ව පෙරේරා අදහස් පලකල සම්පුර්ණ වීඩියෝව සහ ෆේස්බුක් හරහා ඔහු පලකල අදහස් පහතින්…

මේ සිදුවීම සම්බන්දයෙන් අප මීට පෙර පලකල පුවත…

 6,395 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
0

Leave a Reply