දරුවන් සිවුදෙනාට අතවර කළ නරුම පියා අත්අඩංගුවට..

තම බාල වයස්කාර ගැහැණු ළමුන් තිදෙනාට හා පිරිමි ළමයාට බරපතළ ලිංගික අතවර සිදුකළ යහලතැන්න ප්‍රදේශයේ පදිංචි පියෙකු කටුගස්තොට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදාවේ රයිෆල් බලකායට අනියුක්තව ගෙලිඔය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන බව කියන 38 හැවිරිදි සැකකරු කලක සිට මෙසේ එම දරුවන්ට ලිංගික අතවර සිදු කළත් සැකකරුට ඇති බිය නිසා දරුවන්ගේ මව ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි සිදුකර නොමැති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

තම පස් හැවිරිදි, අට හැවිරිදි හා දහසය හැවිරිදි ගැහැණු ළමයින් තිදෙනෙකුට හා දොළොස් හැවිරිදි පුත්‍රයාට එසේ බරපතල ලිංගික අතවර සිදු කොට ඇති බව පොලිසිය කියයි.

අතවරයට පත් දරුවන් හතර දෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර කටුගස්තොට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 348 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply