රටේ සිදු කරන වන විනාශයට එරෙහිව නීතිමය පියවර ගන්නවා – රනිල්

සිංහරාජය ඇතුළු රටේ සිදු කරන වන විනාශයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (04 ) පැවසීය.

සිංහරාජය සම්බන්ධයෙන් වනජීවී පනතට අනුව කොළයක්වත් කඩා දැමීමට නොහැකි යැයි තලපත්පිටිය හිටපු පළාත් සභා මන්ත‍්‍රී සුනිල් මාගම්මන මහතාගේ නිවසේ ඊයේ (04) පැවති තරුණ හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසීය.

රටේ සිදු කරන වන විනාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර පරිසර සංවිධානවලට පැමිණිලි කරන බව පැවසූ එජාප නායකයා දිගින් දිගටම සිදු කරන වන විනාශයට එරෙහිව හරිත ප‍්‍රකාශයක් ඇති කර ගත යුතු යැයි ද වැඩිදුරටත් පැවසීය.

 682 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply