පිළිකා කාරක ඇති බොහෝ ආහාර තියෙනවා – නිෂ්පාදන සමාගම් වැටෙන නිසා හෙළි කරන්න බෑ – ප්‍රමිති ආයතන ප්‍රධානී කියයි

ඇෆලටොක්සින් පිලිකාකාරක අඩංගු තවත් බොහෝ ආහාර වර්ග මෙරට වෙලදපලේ ඇති බව ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය සදහන් කරයි.

එහි අධ්‍යක්‍ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය පවසන්නේ එම ආහාර වර්ග හෙලිකලහොත් ඒවා නිස්පාදන සමාගම් බිද වැටීමට ඉඩ තිබෙන බවයි.

එනිසා ජනතාව පොඩි කාලයක් එම ආහාර භාවිත කරද්දී එම කාලය තුල අඩුපාඩු නිවැරදි කරන්නැයි නිෂ්පාදන සමාගම්වලට දන්වන බවද ඇය සදහන් කලාය.

පිලිකාකාරක අඩංගු පොල්තෙල් ආනයනය කල සමාගම් තව දුරටත් තෙල් ගෙන්වන බවත් ආනයනය අත්හිටුවීමට තම ආයතනයට බලයක් නැති බවත් ඇය තව දුරටත් කියා සිටියි.

හිරු නාලිකාව සමගින් සාකච්චාවකට එක්වෙමින් ඇය මෙම අදහස් පල කලාය

 1,047 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply