ඉදිරි වසර 5 ඇතුළත මෙරට ඖෂධ අවශ්‍යතාව සපුරා, අපනයනය ඉලක්ක කරගෙන නිෂ්පාදනය ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවදානය යොමු වී ඇති බව ආර්ථික, පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන මැති ඇමතිවරුන් හා රජයේ නිලධාරීන් සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ (17) පැවති සාකච්ඡාවකදියි.

දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 85ක්ම විදේශයන්ගෙන් ගෙන්වීම සඳහා මේ වන විටත් රජය විශාල පිරිවැයක් දරන බැවින් අවශ්‍යතාවට සරිලන අයුරින් සහ අපනයන ධාරිතාවයෙන් යුත් කර්මාන්තශාලා ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු පවසනවා.

ඉදිරි වසර 5 තුළ ඖෂධ අපනයනය කරන ප්‍රධාන රටවල් වන අයර්ලන්තය, ඊශ්‍රායලය හා සිංගප්පූරුව යන රටවල මට්ටමට ශ්‍රී ලංකාවත් ගෙන ඒමට කටයුතු කරන බවයි ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here