සිංහරාජය හරහා ලංකාගම සිට දෙණියායට හදන මහා මාර්ගය නවත්වන්නැයි ජනාධිපති නියෝග කරයි..!

ලෝක උරුම සිංහරාජ මායිමේ ඇති ලංකාගම සිට දෙණියාය දක්වා මාර්ගයක් ඉදිකිරීම මේ වන විට සිදු කරමින් සිටින බව අපේ රට වෙබ් අඩවිය වාර්තා කලා ඔබට මතක ඇති.

දැනට මේ ප්‍රදේශයේ විශාල ගස් බිම හෙළමින් සිංහරාජ ප්‍රේරණ කළාපයට හා සිංහරාජ ලෝක උරුමයට අති විශාල හානියක් සිදු කරමින් විශාල යන්ත්‍ර භාවිතා කරමින් මෙම මාර්ගය ඉදිකරමින් සිටින බවටයි වාර්තා වූයේ.

මාධ්‍ය වාර්තා පල වීමත් සමගම මේ පිළිබඳව සිය අවධානය යොමු කල ජනාධිපති ගෝඨාභය රාජපක්ශ මහතා වහාම එම කටයුත්ත අත් හිටුවන්නැයි නියෝග ලබා දී තිබෙනවා.

ලෝක උරුම අඩවිය සිංහරාජ අඩවියතුළ නීතිවිරෝධී ලෙස මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පාරිසරික හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය (සෙන්ස්) එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයට (යුනෙස්කෝ) පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙම උපදෙස් ලබා දී තිබෙන බවටයි වාර්තා වන්නේ.

යුනෙස්කෝවට ලිපියක් යවමින් සෙන්ස් හි ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම් මහතා කියා සිටියේ මාර්ග ඉදිකිරීමේ කටයුතු ස්වාරක්ෂක කලාපයේ සහ ලංකාම ප්‍රදේශයේ සිංහරාජා ලෝක උරුමය ඇතුළත දෙනියාය දක්වා සිදුවන බවයි.

මෙම ඉදිකිරීම් අගෝස්තු 10 වන දින ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා හමුදාවේ ඉංජිනේරු නිලධාරීන් විසින් ආරම්භ කරන ලදී.

මෙම ඉදිකිරීම් 2013 දී දියත් කරන ලද ව්‍යාපෘතියක් වන අතර එය යුනෙස්කෝව විසින් එම වසරේම එය නවත්වන ලෙසට කරන ලද දැනුම් දීමක් අනුව එවකට රජයද එය නවත්වා දමන ලදී.

සිංහරාජ රක්ෂිතය යනු ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති අද්විතීය නිවර්තන වැසි වනාන්තරයයි. එය ජාත්‍යන්තර වැදගත්කමක් ඇති අතර යුනෙස්කෝව විසින් 1989 ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

සිංහරාජ වනාන්තරයේ නීතිවිරෝධී මාර්ග ඉදිකිරීමට එරෙහිව පියවර ගන්නා ලෙසත්, ශ්‍රී ලංකාවේ වනාන්තර භූමිය ආරක්ෂා කිරීමට සෙන්ස් ආයතනයට උදව් කරන ලෙසත් රවින්ද්‍ර කාරියවසම් යුනෙස්කෝවෙන් ඉල්ලා සිටියේය.මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

 8,219 total views,  7 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply