ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එම්මානුවෙල්ට සහ සුරේෂ්ට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්

මෙරට හමුදා නිලධාරීන් 28 දෙනකුට යුද අපරාධ චෝදනා එල්ල කළ ජිනීවා යෝජනාවට සහය දුන් ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් දේවගැතිවරයා සහ එම සංසදයේ ප‍්‍රකාශක සුරේෂ් සුරේන්ද්‍රන්ට ශී‍්‍ර ලංකාවට පැමිණීම රජය තහනම් කර ඇත.
 
 යහපාලන රජය විසින් මොවුන් දෙදෙනාට මෙරටට ඒමට අවසර දුන් අතර ගෝලීය ද්‍රවිඩ සංසදයට පනවා තිබූ තහනම අහෝසි කර තිබිණි.
 
 එමානුවෙල් පියනමට සහ සුරේෂ් සුරේන්ද්‍රන්ට එරෙහි කලින් පනවා තිබූ තහනම ඉවත් කිරීම සඳහා යහපාලන රජය හමුදා බුද්ධි ප‍්‍රධානියකුට තර්ජනය කර තිබූ බවද විමර්ශනවලදී හෙළි වී ඇත. ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න මහතා විසින් මෙම තහනම් නියෝගය පනවා තිබේ.

 840 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply