තායිවානය හැඬවූ ‘දරුණුතම දුම්රිය අනතුර’: 36ක් මරුට – විශාල පිරිසක් උමං මාර්ගයේ සිර වෙති! [VIDEO]

තායිවානයේ උමං දුම්රිය මාර්ගයක ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලි පැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් පුද්ගලයින් 72 දෙනෙකු උමං මාර්ගය තුළ සිර වී සිටින බවය.

අනතුරට ලක්වූ දුම්රියෙහි මගීන් 350 දෙනෙකු පමණ සිට ඇතැයි මේ වන විට තහවුරු වී තිබේ.

තායිවානයේ මධ්‍යම හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය පවසන්නේ, දුම්රිය මැදිරි 4ක් බරපතළ ලෙස හානියට පත්ව ඇති හෙයින් එම මැදිරි තුළට ගොස් මගීන් බේරා ගැනීම අතිශයින් දුෂ්කර වී ඇති බවය.

දුම්රිය අනතුරට ලක්ව ඇත්තේ, තායිවානයේ අගනුවර වන තායිපේ සිට තායිතුං නගරය දක්වා ධාවනය වෙමින් තිබියදීය.

මෙම දුම්රිය අනතුර තායිවානයේ දශක ගණනකට පසු වාර්තා වූ දරුණුතම දුම්රිය අනතුර ලෙස සැලකේ.

 1,217 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply