ඊයේ දින පමණක් අනතුරු 10යි , මරණ 12යි!

ඊයේ ( 01) දිවයින පුරා සිදුවු මාරක රිය අනතුරු හේතුවෙන් මිනිස් ජීවිත 12 ක් අහිමි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණමහතා පවසනවා.
මෙම අනතුරුවලින් මාර්ගයේ ගමන් ගත් පදිකයින් පස්දෙනෙක් ලොරියක ගමන් ගත් පුද්ගලයෙක් ත්‍රීරෝද රථ වල ගමන් ගත් පුද්ගලයින් සිව්දෙනෙක් සහ යතුරුපැදිකරුවන් දෙදෙනකුගේ ජීවිත අහිමි වුණා.

එමෙන්ම කාන්තාවන් තිදෙනකු මරණයට පත් කරමින් තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදු කරමින් ඊයේ නුවරඑළිය හග්ගල ප්‍රදේශයේදී අනතුරක් සිදු කර පළාගිය කන්ටේනර රථයේ රියදුරා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.

මෙම කන්ටේනර රථය කඳාන ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවට අයත් එකක් බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

අදාළ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ කරන නුවරඑළිය පොලිසිය වාර්තා කරන්නේ මෙම රියදුරා අදාළ සමාගමට ලබාදී ඇති ජීව දත්ත තොරතුරු ද ව්‍යාජ ඒවා බවයි.

මෙම රියදුරා මෙම ආයතනයට ලබාදී ඇති ලිපිනය ව්‍යාජ එකක් බවත් හෙළිවී තිබෙනවා.

කරුණු මෙසේ හෙයින් ආයතන වලට රියැදුරන් ඇතුළු සේවකයන් බඳවා ගැනීමේදී ඔවුන්ගේ ජීව දත්ත තොරතුරු පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා.

එමෙන්ම පසුගිය වාර්තා සංසන්දනය කර බැලීමේදී වසරේ අනතුරු වැඩිම කාල සීමාව අප්‍රේල් මාසයේ දහවෙනිදාත් විසිවෙනිදාත් අතර වන නිසා මෙම කාලය තුළ වඩාත් සැලකිල්ලෙන් රිය පැදවීම සහ මහමඟ ගමන් කිරීම සිදුකළ යුතු බවටයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 19,035 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
1
+1
5

Leave a Reply