වෙළෙඳපොළේ පොල්තෙල් සාම්පල් 55ක පිළිකාකාරක නැහැ

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පාරිභෝගික අධිකාරිය පරීක්ෂණ සඳහා ගත් පොල්තෙල් සාම්පල 125න් දැනට පරීක්ෂා කර ඇති සාම්පල් 55ක ඇෆ්ලටොක්සීන් නමැති පිළිකාකාරකය අඩංගු නොවන බව තහවුරු වී තිබේ.

මේ සාම්පල අතර ප්‍රසිද්ධ වෙළෙඳ නාම ඇතුළත් පොල්තෙල් සාම්පලද ඇතුළත් වන අතර මේවා පරීක්ෂා කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සහ පොල් සංවර්ධන මණ්ඩලයට දී තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් දශිත නිරෝෂණ මහතා පැවසුවේ දැනට පරීක්ෂණ අවසන් කර ඇති සාම්පලවල විශේෂ ගැටලුවක් නොමැති බැවින් වෙළෙඳපොළේ පොල්තෙල් ගැන අනිතය බියක් ඇති කර ගත යුතු තත්ත්වයක් නැති බවයි.

මේ අතර පෞද්ගලික සමාගම් කිහිපයකින් ආනයනය කර ගුදම්වල ගබඩා කර තිබූ පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ නමැති පිළිකාකාරකය අඩංගු බවට කාර්මික තාක්‍ෂණ ආයතනය මඟින් කළ තත්ත්ව පරීක්‍ෂණවලින් තෙවැනි වරටද තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්‍ෂණ ඒකකය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මීට පෙර කළ පරීක්‍ෂණවලින් එම පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ අඩංගු බවට තහවුරු විණි. එම ගුදම්වලින් ගත් පොල්තෙල් සාම්පලවල පරීක්‍ෂණ ප්‍රතිඵල කාර්මික තාක්‍ෂණ ආයතනය විසින් පාරිභෝගික සේවා අධිකාරියට ඊයේ (01) යොමු කර තිබේ.

 375 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply