කොරෝනා තුන්වැනි රැල්ලක් ගැන සෞඛ්‍ය අංශ කලින් කියයි

සිංහල හින්දු අලුත් අවරුදු සමයේ  ජනතාව සෞඛ්‍ය නීති නිසියාකාරව නොපිළිපැද්දොත් කොරෝනා තුන්වැනි රැල්ලක් ඇතිවීමේ අවදානමනක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

අලුත් අවුරුදු සමයේ ජනතාව සියයට සියයක්  පාලනය කිරීමේ හැකියාවක් නැතැයි ද ඔහු ප්‍රකාශ කරයි.

අලුත් අවුරුදු සමයේදී ජනතාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන බව කී සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවුුරුදු උත්සව ඉතාමත් කුඩාවට සංවිධාන කරන ලෙසට උපදෙස් ලබාදෙන බව ද කියයි.

අලුත් අවුරුදු උත්සවවලදී කණ්ඩායම් වශයෙන් කරන ක්‍රීඩාවලට ඉඩක් නොලැබෙන බවත් සෞඛ්‍ය නීතිරීති රකිමින් කළ හැකි ක්‍රිඩා ගැන සෞඛ්‍ය අංශ ඉදිරියේදී ජනතාවට කියා දෙන බවත් අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි
 

 522 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply