ජාත්‍යන්තර තෙල් ගවේෂණ නෞකා හම්බන්තොටට පැමිණීමෙන් දේශීය සේවා සපයන්නන්ට හොඳ කලක්!

පැනමා රාජ්‍යයට අයත් විශාල ප‍්‍රමාණයේ තෙල් ගවේශණ නෞකා දෙකක් ඒවායෙහි අලූත්වැඩියා කටයුතු සඳහා හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට කටයුතු කළ බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ වාණිජ හා අලෙවිකරන සාමාන්‍යාධිකාරී ලාන්ස් සූ ඕ මහතා පැවසීය.

එසේ නැංගුරම් ලා ඇත්තේ ‘වෙස්ට් කරීනා‘ සහ ‘වෙස්ට් පොලාරිස්‘ නමැති පැනමා ධජය යටතේ යාත‍්‍රා වන තෙල් ගවේෂණ නෞකා දෙකකි. පසුගිය දා හම්බන්තොට වරායට පැමිණි මෙම නෞකා දෙක දිගුකාලීන ආම්පන්න සැකසීමකට හා අලූත්වැඩියා සේවා සඳහා යෙදවීමට නියමිතය. ඒ අනුව ‘වෙස්ට් කරීනා‘ නෞකාව වසරක කාලයක් හා ‘වෙස්ට් පොලාරිස්‘ නෞකාව මාස හයක කාලයකුත් හම්බන්තොට වරායේ නැංගුරම්ලා තැබීමට නියමිතය. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ වාණිජ හා අලෙවිකරන සාමාන්‍යාධිකාරී ලාන්ස් සූ ඕ මහතා පැවසුවේ මෙලෙස දීර්ඝ කාලීනව රැුඳී සිටින නෞකා සඳහා අවශ්‍ය වන ප‍්‍රතිපාදන සැපයීම් සහ අනෙකුත් සේවාවන් ලබාදීමට දේශීය සේවා සපයන්නන් හට අවස්ථාවක් ලැබී ඇති බවත්, නඩත්තු කිරීම්, කාර්ය මණ්ඩල වෙනස් කිරීම සඳහා අවශ්‍ය සහාය, සමීක්ෂණ පැවැත්වීම, අපද්‍රව්‍ය ඉවත් කිරීම් වැනි සේවාවන් මේ අතර සුවිශේෂී වන බවත් ඔහු පැවසීය.

මත්තල – දිලීප් එන්. ජයසේකර

 417 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply