මට බැනලා වැඩක් නැහැ – මංගල කියන කතාව

ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් වන චෝදනාවන්ට නිසි ක‍්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් බි‍්‍රතාන්‍යය මූලිකත්වයෙන් මානව හිමිකම් සම්මේලනයට ඉදිරිපත් කළ ලංකාවට එරෙහි යෝජනාව වැඩි ඡුන්දයෙන් සම්මත වූවා යැයි හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (31 ) පැවසීය.

හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමට රට පාවාදීම නිසා මෙවර මානව හිමිකම් කොමිසම රටට එරෙහිව ක‍්‍රියා කළ බවට රජයේ පාර්ශ්ව කරන ප‍්‍රකාශ සත්‍යයෙන් තොර බවත් මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ රජය මානව හිමිකම් සම්මේලනයට එකග වූ යෝජනා ක‍්‍රියාත්මක නොකිරීම නිසා එම තත්ත්වය උදාවූ බවත් ඒ මහතා සඳහන් කළේය.

පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ ඊයේ (31 ) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මංගල සමරවීර මහතා මෙම අදහස් ප‍්‍රකාශ කළේය. ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් පසු ඒ මහතා පළමු වරට මාධ්‍ය වෙත අදහස් දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව පවත්වනු ලැබීය.

 358 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply