ශ්‍රී ලංගමය සතු එකම ඩිපෝවක්වත් වසා දමන්නේ නෑ – ගාමිණී ලොකුගේ

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සතු එකම ඩිපෝවක්වත් වසා නොදමන බව ප්‍රවාහන ඇමැති ගාමිණි ලොකුගේ මහතා ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුව බලයට පත් වන විට තම ආදායමෙන් වැටුප් ගෙවිය නොහැකි ඩිපෝ 15ක් වැනි සංඛ්‍යාවක් තිබූ බවත් එම තත්ත්වය වෙනස් කිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බවත් ඇමතිවරයා පැවසීය.

කෙසේ වුවද ඇතැම් ස්ථානවල ආසන්නවම ඩිපෝ දෙක තුනක් පවතින බවත් එවැනි ස්ථානවල පිහිටි ඩිපෝ බස් නවතා තබන ස්ථාන (බස් පාර්ක්) බවට පත් කිරීමට රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා තීරණය කර ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

බස් පාර්ක් බවට පත් කරන ඩිපෝ කිහිපයෙහි සේවකයන් වෙනත් ස්ථානවලට අනුයුක්ත කිරීමට තීරණය කර ඇති අතර, සෑමවිටම වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරන බවද ඇමැතිවරයා පැවසීය.

ඇමති ගාමිණි ලොකුගේ මහතා මේ බව සඳහන් කළේ රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා කර ඇති ප්‍රකාශයක් පදනම් කරගනිමින් ලංකා ප්‍රවාහන සේවක සංගමය විසින් කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිය අදහස් දක්වමිනි‍.

අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී ඊයේ (31) පෙරවරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

 291 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply