මහින්දානන්දගෙන් රංජන් රාමනායකට සමාවක් ..

2016 06 21 වන දින එවකට හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් මාධ්‍ය හමුවක් පවත්වා ඩිෆෙන්ඩර් රථයක් පෙන්වා පහරදීමකට සහ ඝාතනයකට මහින්දානන්ද මහතා භාවිතා කල වාහනයක් යැයි ප්‍රකාශ කරන ලදී . එදිනම එවකට සිටි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කලේ මෙය මගේ වාහනයක් කියා හා රංජන් රාමනායක ඇමතිවරයට මෙය සිදුවු වැරදීමක් බවය

මෙයට මහින්දානන්ද මහතාට සිදුවූ අලාභය හේතුකොටගෙන නුගේගොඩ අධිකරණයේ දී ඔහු නඩුවක් ගොනු කරන ලදී. වසර හතරක් මුළුල්ලේ පැවති මෙම නඩුව වර්තමානයේ විභාග වෙමින් පවතින අතර අද දින මහින්දානන්ද අමාත්‍යවරයා විසින් මහත්මා දේශපාලනයට ආදර්ශයක් දෙමින් හිටපු ඇමති රංජන් රාමනායක මහතාට සමාව දෙන ලදී .

අද දින අධිකරණයට පැමිණි රන්ජන් රාමනායක මහතා කණගාටුව ප්‍රකාශයට පත්කර අතර ගරු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා ලදී .මෙහිදී මහින්දානන්ද අමාත්‍යවරයා දැක්වු අදහස්

“රංජන් රාමනායක කියන්නේ අහිංසක මනුස්සයෙක් අනිත් අය ඒ මනුස්සයාව නොමග යැවුවා ඒ මනුස්සයාව වැරදි මාර්ගයකට යොමු කරා. මෙම නඩුව සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමඟ අද මම කතා කළ විට ඔහු පැවසුවේ අපි බලයට පැමිණ සිටින්නේ දේශපාලන පලිගැනීම් කිරීම සඳහා නෙවෙයි. මාව හිරේ දාන්න මට නඩු දාන්න මට සියලුම ප්‍රශ්න ඇති කරන්න එතුමා මැදිහත් වුණා හැබැයි අද ඔහු අසරණ වෙලා ඉන්නවා එතුමාට අද කවුරුත් නෑ ඒ නිසා මගේ නඩුව විභාග කරානම් රංජන්ට තවත් අවුරුදු ගාණක් හිර බත් කන්න සිදුවෙනවා මට තරම් රංජන් රාමනායක මහතා වැඩියෙන්ම ගැහුවෙ මට ජනතාව අපිව බලයට පත්කළේ දේශපාලන පලිගැනීම් කරන්න නෙවෙයි ඒ තමයි ගෝඨාභය ජනාධිපති තුමාගේ දේශපාලන වෙනස ඒ නිසා අද මම මේ නඩුව ඉල්ලා අස්කර ගත්තා “

 593 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply