සිනොෆාම් ඒන්නත් තොගය රාජ්‍ය ඇමැති භාර ගනී

කොරෝනා මර්දනය කිරීම සදහා චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් එරටින් ලැබුණ ප්‍රදානයක් ලෙසින් චීනයේ බෙයිජිං සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (31) දින  කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන එනු ලැබීය.

අද දින පෙරවරු 11.28 ට චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 869 දරන ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙනවිත් තිබේ . එන්නත් තොගය රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා විසින් භාර ගනු ලැබිණි.

මෙම එන්නත් තොගය මෙම  ගුවන් යානය තුළ ද විශේෂිත ශීතකරණ පහසුකම්  යටතේ ගබඩා කොට තිබෙන අතර , ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ මෙතැනින් ගුවන්තොටුපල ආනයන ගම්මානයේ  මේවා ශීතකරණ පහසුකම් යටතේ ගබඩා කිරීමට කටයුතු යොදා තිබේ .

 640 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply