ත්‍රිපිටකය ආරක්ෂා කරන්න නව පනතක්

ත්‍රිපිටක සංරක්ෂිත පනතක් ඉතා ඉක්මණින් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

අනාගත පරම්පරාව වෙනුවෙන් ත්‍රිපිටකය ආරක්ෂාකර තැබීම සඳහා  මෙම පනත සම්මත කර ගන්නා බව ද එම අමාත්‍යංශය කියයි.

ථේරවාදී බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වෙන අතර බුදුරජාණන් වහස්සේගේ දේශනා  සහ සිද්ධාන්තයන් ඒ අයුරින්ම ආරක්ෂා කර ගැනීම සඳහා  ක්‍රි.පු.80  දී පමණ රජරට රජකළ බළගම්බා රජතුමාගේ රාජ්‍ය සමයේදී මාතලේ අලුවිහාරයේදී රහතන් වහස්සේලා විසින් පළමුවරට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කර තිබේ.

1956 වසරේ 2500 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරීම නිමිතිකොට ගෙන ත්‍රිපිටකය සිංහල භාෂා පරිවර්තන සහිතව මුද්‍රණය කර තිබේ.

ඉකුත් 2019 පෙබරවාරි මස 7 වැනි දින ගැසට් නිවේදනයක් මගින් ත්‍රිපිටකය ජාතික උරුමයක්  බවට ද පත් කෙරෙිණි.

 723 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply