“අපි නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවනවා” – සිරිසේන අළුත් ගමනකට සැරසෙයි!

වත්මන් රජයේ කටයුතුවලට සහයෝගය දෙන අතරම අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීම සඳහාත් කටයුතු කරගෙන යන බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ සඳහා සහය දැක්වීමට කැමති සියලු පාර්ශව එක් කරගනිමින් පක්‍ෂයශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද හිටපු ජනාධිපතිවරයා කියයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නව නිලධාරී මණ්ඩලය අද (30) මහනුවරටගොස් දළඳා වහන්සේ වැඳපුදාගෙන ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

බොහෝ අභියෝග එල්ල වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රී ආසන 13 ක් දිනාගත් බවද හිටපු ජනාධිපතිවරයා කීවේය.

 618 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply