ඩොලරය රු 202කට ආසන්නයේ

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (30) දිනයේ රු.202කට අසන්න අගයක් දක්වා ඉහළ  ගියේය.
 
 ශ‍්‍රී ලංකා මහ බැංකුව ඊයේ ප‍්‍රකාශයට පත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු.201.93 දක්වා ඉහළ ගියේය. මෙය මෙතෙක් ඉතිහාසයේ ඇමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම විකුණුම් මිල වේ. ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල පෙරේදා (29) රු. 201.77ක් විය. මහ බැංකුවට අනුව ඊයේ ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 196.83 ක් විය.
 
 මේ අතර වාණිජ බැංකුවල විනිමය අනුපාතික පිරික්සීමේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල දැනටමත් රු. 202ද ඉක්මවා ගොස් තිබේ.

 735 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply