ගාල්ලේ හිමිනමක් බීමතින් යකා නටයි – ආගම දහම විනාශ කරන මෙවන් හිමිවරුන්ට කල යුත්තේ කුමක්ද?

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ විහාරස්ථානයක බව කියවෙන හිමි නමක් කලහකාරී ලෙස හැසිරෙන වීඩියෝවක් සමාජජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අතර එහිදී අදාළ හිමිනම අසභ්‍ය වචනයෙන් බන වදිමින් පුද්ගලයකුට පහර දීමට උත්සාහ දරන අකාරය දකින්නට ලැබෙනවා. සිද්ධිය සමථයකට පත් කිරීම සඳහා පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිටින අවස්ථාවේ පවා එම හිමි නම සිය කලහකාරී බව දිගටම පවත්වාගෙන යන අකාරයද දකින්නට ලැබෙනවා.

බෞද්ධ හිමිවරුන්ගේ මෙවැනි නොමනා හැසිරීම් සම්බන්ධව වීඩියෝපට මීට පෙරද සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අකාරය දකින්න ලැබුණු අතර දිගින් දිගටම සිදුවන මෙවන් සිදුවීම් හරහා ආර්ය මහා සංඝරත්නය සහ බුදු දහම විනාශ මුඛයට ඇදී යාම සිදුවන අතර මෙවැනි සිදුවීම් නවතන්නට මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළුව බුද්ධ සාසන අමාත්‍යංශය කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු බවයි බොහෝ දෙනාගේ මතය වන්නේ.

කෙසේ වෙතත් වාර්තා වන තොරතුරු වලට අනුව සමගි ජන බලවේගයේ ඉහල ප්‍රධානීන් සමඟ සමීප සම්බන්ධතා පවත්වන සහ එම පක්ෂයේ උදව් උපකාර ලබන මෙම හිමිනම දිගින් දිගටම මෙවැනි කලහකාරී සිදුවීම් සිදු කරන බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන්නේ.

එම සිදුවීමේ වීඩියෝව පහතින්…

https://www.facebook.com/watch/?v=785846325679591

 51,861 total views,  20 views today

What’s your Reaction?
+1
15
+1
6
+1
3
+1
77
+1
18
+1
20
+1
55

Leave a Reply