2021 මුල් මාස 3ට රිය අනතුරුවලින් පොලිසියේ 14ක් මරුට!

2021 වසරේ මුල් මාස තුන තුළ පොලිස් නිලධාරීන් 14 දෙනකු රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රථවාහන පොලිස් මූලස්ථානය පවසයි.

මින් දහදෙනකුම මියගොස් ඇත්තේ රාජකාරි කරමින් සිටියදී බව එම මූලස්ථානය සඳහන් කරයි. ඉතිරි සිවුදෙනා රාජකාරියෙන් ඉවත්ව විවේකීව සිටියදී රිය අනතුරුවලට ලක්ව මියගොස් ඇත.

එමෙන්ම මෙම මාස තුන ඇතුළත රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් 13 දෙනකු රිය අනතුරුවලට භාජන වී බරපතළ තුවාල ලබා ඇති අතර සුළු තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 49කි. 2020 වසරේදී රාජකාරියේ යෙදී සිටියදී රිය අනතුරුවලට ලක්ව මියගිය නිලධාරීන් සංඛ්‍යාව 28ක් වන අතර බරපතළ තුවාල ලැබූ නිලධාරීන් ගණන 89කි. සුළු තුවාල ලැබූවන් 176කි.

2019 වසරේ රාජකාරි යෙදී සිටියදී රිය අනතුරුවලට ලක්ව මියගිය පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 8කි. බරපතළ තුවාල ලැබූවන් 60කි. රිය අනතුරුවලින් සුළු තුවාල ලැබූ නිලධාරීන් සංඛ්‍යාව 66කි.

කෙසේ වෙතත් 2018 සිට 2021 මේ දක්වා රාජකාරියේ යෙදී සිටියදී රිය අනතුරුවලට ලක්ව මියගිය පොලිස් නිලධාරීන් ගණන 54ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ හා රථවාහන පොලිස් මූලස්ථානයේ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා කීවේය.

 425 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply