බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමෙන් පසු රට තුළ විශාල සංවර්ධනයක් ඇති වුණා

වී සහ වෙනත් කෘෂි භෝග සඳහා සහනාධාර දෙමින් ඉහළ මිලක් සහතික කිරීම නිසා සෑම ජන කොටසකටම අයත් ගොවීන්ට ප්‍රතිලාභ අත්ව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(30) පැවසීය.

බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමෙන් පසු ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයෙන් කිසිවකු මරණයට පත් නොවූ බවත්, රට තුළ විශාල සංවර්ධනයක් ඇති කිරීමට හැකි වූ බවත් හෙතෙම කීවේය.

ශ්‍රී ලංකාවට අලුතින් පත් කරනු ලැබ සිටින, වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපතිනි හෝ තී තාන් ටෘක් මහත්මිය (Ho Thi Thanh Truc) ඊයේ (30) ජනාධිපති මන්දිරයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍රය පිළිගැන්වූ අතර එහිදී දෙපිරිස අතර පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එසේ කියා සිටියේය.

 542 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply